මෙරටට ඩොලර් මිලියන 65ක ආධාරයක්

ඇමරිකා එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර 5ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක ආධාර ලබා දෙන බව නිවේදනය කර තිබේ.
සංවර්ධන අරමුණු සහාය ගිවිසුම (DOAG) යටතේ මෙම ආධාර මෙරටට ලැබීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩලයේ අධ්‍යක්ෂ ග්‍රේබියෙල් ග්‍රෝ මහතා සහ මෙරට මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් එම ගිවිසුම අත්සන් කර ඇත.
මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ මෙම ආධාර පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 60කට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙන බවයි.
317 Views
Comments