එළවළු මිල තවත් පහළ බසී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

එළවළු මිල තවත් පහළ බසී

එළවළු මිල තවත් පහළ බසී

ආර්ථික මධ්‍යස්ථානය රැසක එළවළු මිල ගණන් මේ වන විට ඉතා අඩු අගයක් සටහන් වන බව වාර්තා වේ.

 

පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ ඊයේ කැරට් කිලෝවක් රුපියල් 90.00 ත් 100.00 ත් අතර මිලකට අලෙවි වූ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝග්‍රෑමයක් රුපියල් 80.00 කට අලෙවි වූ බව වාර්තා වේ.

 

නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට නොවන බීට් කිලෝග්‍රෑමයක් රුපියල් 60.00 ත් 80.00 ත් අතර මිලකට අලෙවි වී තිබූ අතර, මැනිං වෙළෙඳපොළේ ද රුපියල් 100.00 කට අඩු අගයකින් අලෙවි වූ බව වාර්තා වේ.

 

ආර්ථික මධ්‍යස්ථාන රැසක ලීක්ස් තොග මිල රුපියල් 200.00 ත් 260.00 ත් අතර අගයකට අලෙවි වූ බව වාර්තා වී තිබුණි.

 

ආනයනික අර්තාපල් මේ දිනවල ආර්ථික මධ්‍යස්ථාන වල රුපියල් 140.00 කට අඩු තොග මිලකට අලෙවි වන බවද වාර්තා වේ.

 

ගෝවා කිලෝවක මිල රුපියල් 65.00 ත් 90.00 ත් අතර අගයන් වල සටහන් වීම විශේෂත්වයක් වන අතර, නුවරඑළිය අර්තාපල් ඊයේ මැනිං වෙළඳපොලේ රුපියල් 230.00 කට අලෙවි විය.

 

ආනයනික ලොකු ලූනු මිල රුපියල් 100.00 ට අඩු අගයක් සටහන් වූ අතර මැනිං වෙළෙඳපොළේ වට්ටක්කා කිලෝග්‍රෑමයක් අලෙවි වී තිබුණේ රුපියල් 35.00 ත් 50.00 ත් අතර මිලකට බවද වාර්තා වේ.

views

282 Views

Comments

arrow-up