ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල පහළට

ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ දැමීමට එම අමුද්‍රව්‍ය ආනයනය කරන සමාගම් හා නිෂ්පාදකයින් එකඟතාව පළ කර ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
සිමෙන්ති, යකඩ, ටයිල්, වයර් හා විදුලි උපකරණ ආනායනකරුවන් හා නිෂ්පාදකයින් අවස්ථා කිහිපයකදී තම අමාත්‍යාංශයට ගෙන්වා මේ පිළිබඳ සාකච්ඡා කළ බව එහි ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා පැවසුවේය
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම, ඉන්ධන මිල ගණන් පහළ යාම, බැංකු පොලී අනුපාත අඩුවීම ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් අමුද්‍රව්‍යවල මිල ගණන් අඩු කිරීමේ හැකියාව ඇති බව අමාත්‍යාංශයට ඔවුන්ට පෙන්වා දී තිබේ.
එසේම දැනට ඇණහිට ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රය නැවත සක්‍රීය කිරීම සඳහා අමුද්‍රව්‍ය මිල පහළ දැමීම අතිශය වැදගත් සාධකයක් බව ඔවුන්ට පෙන්වා දුන් බවද ඇතැම් සමාගම් දැනටමත් සිය අමුද්‍රව්‍ය මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.
424 Views
Comments