මෙරට ආර්ථිකය ගොඩනැගීම ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් බරපතල කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

මෙරට ආර්ථිකය ගොඩනැගීම ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් බරපතල කතාවක්

මෙරට ආර්ථිකය ගොඩනැගීම ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් බරපතල කතාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 16 වතාවක් ආධාර ලබා ගත්තත් සාර්ථක වීමට ලංකාවට නොහැකි වූයේ ඔවුන්ගේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකළ නිසා බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමින් ඔහු මෙම අදහස් පළ කලේය.

 

වෘත්තීය සමිතිවල සාකච්ඡාවකට එහා ගිය වෘත්තීය මට්ටමේ සාකච්ඡාවක් තමයි එහිදී සිදු වන බවත්, බදු වැඩි කිරීම සිදු වූයේ එම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස බවත් කියා සිටින නන්දලාල් මහතා, දැන් ඒ ඇති කර ගත් එකඟතා ඉවත් කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව කියා සිටී.

 

 බදු පැකේජය ඉවත් කළ හැකි ක්‍රම දෙකක් ඇති බව ද කියා සිටින ඒ මහතා, එක් ක්‍රමයක් වන්නේ බදු ගෙවන පිරිස වැඩි කර ගැනීම බවත්, අනෙක් ක්‍රමය වන්නේ, රජයේ ආදායම් වැඩි කරගෙන යම් කිසි ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම බවත් කියා සිටී. පෞද්ගලික අංශය මේ සම්බන්ධ යම් යම් වෙනස්කම් සිදු කළත්, මේ කාරණා දෙකම කෙටි කාලයකින් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, පවතින තත්වය සාර්ථකව දරා ගතහොත්, ඉදිරියේදී ජනතාවට සහනයක් ලබා දීමේ හැකියාවක් පවතින බවත් කියා සිටී. පවතින තත්ත්වය දරා ගත නොහැකි බව කියමින් විවේචනය කරන්නේ ඉහළ ආදායම් ලබන පිරිස් බවටත් කියා සිටින මහබැංකු අධිපතිවරයා, රට ගොඩනැගීමට නම් නිෂ්පාදනය සහ සේවා යන අංශ දෙකෙහිම සංවර්ධනය අනිවාර්ය වන බව අවධාරණය කොට සිටී.

 

views

287 Views

Comments

arrow-up