ඔබෙත් ආසාව මේ වගේ දෙයක්ද??? Sapio Sexuality ගැන මේ ලිපිය කියවලාම දැන ගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ඔබෙත් ආසාව මේ වගේ දෙයක්ද??? Sapio Sexuality ගැන මේ ලිපිය කියවලාම දැන ගන්න

ඔබෙත් ආසාව මේ වගේ දෙයක්ද??? Sapio Sexuality ගැන මේ ලිපිය කියවලාම දැන ගන්න

යුවතියකට තියෙන්න ඕනෑ කියන පංච කල්‍යාණයෙන් කිසිම අඩුවක් නැති "නදීරා" කියන්නේ ඒ කාලේ අපේ ඉස්කෝලේ හිටපු ලස්සනම කෙල්ල.

 

නමුත් එයාගේ හිත ගියේ පෙනුමෙන් එයාට ඒ තරම් ගැලපෙන කෙනෙක්ට නෙමෙයි. ඒ නිසාම, යෙහෙළියන් එකතුවෙන වෙලාවට නදීරාගෙයි සමින්දගෙයි ප්‍රේම කතාව විවේචනයට ලක්වුණු අවස්ථාවල ඕනෑ තරම්.

 


ඇත්තමට අපි හැමෝගෙම හිතේ තිබුණු ප්‍රශ්නෙට නදීරා දුන්නේ මෙහෙම උත්තරයක්.

 


"එයා තමයි අපේ බැච් ටොප් වුණේ. කොයි වෙලාවෙත් පොතක් අතේ." 


      ආදරය, ආකර්ශනය වගේ කාරණා කියන්නේ සෑහෙන්න පුළුල් මාතෘකාවන්. මෙහිදී ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි, එකිනෙකාගේ රුචිකත්වයන් වෙනස් කියන එක.⁣

 

කලින් කියපු නදීරා වගේ චරිත සමාජයේ ඉස්මතු වෙලා පේන්නේ අන්න ඒ හේතුව නිසායි.

 

අපි මේ කතාබහ කරන්නේ Sapio Sexuality ගැන. සරලවම කිව්වොත් නදීරලා ගැන. 

 

Sapio Sexual කියන කාණ්ඩයට අයිති අය  ලිංගිකව ආකර්ශනය වෙන්නේ ඉහළ බුද්ධි මට්ටමක් තියන අයට විතරයි. මෙහෙම අයට තමන්ගේ ලිංගික සහකරුවා සම්බන්ධයෙන් වඩා වැදගත් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ උගත්කම විතරයි. බොහෝ විට, සමලිංගික පුද්ගලයින් සහ Heterosexual පුද්ගලයින් මේ කාණ්ඩයට අයත් බවට  හඳුනාගැනෙනවා.(Heterosexuality ගැන අපි ඉස්සරහට කතා කරමු) 

 

ඔයා Sapio Sexual කාණ්ඩයට අයත් කියලා අඳුනාගන්නේ මෙහෙමයි. 

 

1. ඔබ ආකර්ශනය වෙන්නේ විරුද්ධ ලිංගිකයාගේ පෙනුමට හෝ පෞරුෂයට නෙවෙයි. 

උදාහරණයක් විදිහට ඔයා තරුණයෙක් නම් දිග කොණ්ඩයක්, වළ ගැසෙන කම්මුල් තියන ගෑනු ළමයෙකුට වඩා ඔයා කැමති වෙන්නේ  හැම තිස්සෙම දැනුම හොයන ගෑනු ළමයෙක්ට. 

 

2. නිවැරදි ව්‍යාකරණ සහිත ලිවීම්වලට ඔබ ආදරෙයි. 

  ⁣තව කෙනෙක්ගේ  ව්‍යාකරණ දෝෂ ඉතාමත් ඉක්මනින් මේ වගේ අයගේ අවධානයට ලක්වෙනවා. ඒ වගේම මෙවැනි අය සෑහෙන්න විමසිලිමත්. 

 

3. ඔබ ගැඹුරු සංවාදයන්ට මුල පුරන්න කැමතියි. 

ඔබේ සිත්ගත් චරිතය සමග ගැඹුරු සංවාදවල යෙදෙන්න ඔබ වඩාත් ආශා කරනවා.එහිදී කතා කරන මාතෘකාවන් හරවත් මාතෘකාවන් වීමට ඇති ඉඩකඩ සෑහෙන්න වැඩියි. 

 

4. ඔබ තුළ අලුත් කුසලතා  වර්ධනය  කරගන්න උනන්දුයි. 

සාමාන්‍යයෙන් මිනිසුන් අලුත් දේවල් ඉගෙන ගන්න , අලුත් භාෂාවක් හදාරන්න වගේ  දේවල්වලට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ඔයා ඒකේ අනිත් පැත්ත.

 

5. ඔබ විවාදවලට වඩා සාකච්ඡාවලට කැමතියි. 

ඉතින් ,මේ ලක්ෂණ ඔබ තුළත් තිබෙනවා නම් ඔබ sapio sexual කාණ්ඩයට අයත් කෙනෙක්. 

 

තවත් ලිපියකින් හමුවෙමු.


ඔබ සැමට ආයුබෝ!!!


මම ධනෝද්‍යා කාරියප්පෙරුම 
 

views

444 Views

Comments

arrow-up