අනන්තය දක්වා දින සොයාගත හැකි අපූරු දින දර්ශනය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

අනන්තය දක්වා දින සොයාගත හැකි අපූරු දින දර්ශනය

අනන්තය දක්වා දින සොයාගත හැකි අපූරු දින දර්ශනය

අනන්තය දක්වා දින සොයාගත හැකි අපූරු දින දර්ශනයක් නිම වූ ඉන්දියානුවෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර පිටු 24 කින් යුතු මේ පොකට් දින දර්ශනය නිර්මාණය කර ඇත්තේ 60 හැවිරිදි මුනිරාජ් නම් දකුණු ඉන්දියානුවෙකි.

 

ඉදිරි වසර බිලියන 2 දක්වා දින සටහන් වන පිටු 30 කින් යුතු කුඩා ප්‍රමාණයේ දින දර්ශනයක් නිර්මාණය කිරීමට මීට පෙර මුනිරාජ් සමත්ව තිබු අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ මෙවර දින දර්ශනය එහි දිගුවක් බවය.

 

මුනිරාජ් මෙම දින දර්ශන නිර්මාණ කර ඇත්තේ යම් ගණිතමය මූලධර්මයක් භාවිත කරමිනි. ඔහු මෙම ගණිත ක්‍රමය සොයාගෙන ඇත්තේ, 1988 වසරේදී දිනයක් සොයාගැනීමට ගත් උත්සාහයක් අතරතුරදීය.

 

10 වසරේදී සිය පාසල් දිවිය නිම කළ මුනිරාජ් විශ්‍රාමලත් සෝදුපත් බලන්නෙක් වන අතර වසර බිලියන 2 ක් දක්වා දින ගණනය කළ හැකි දින දර්ශනය සඳහා ඔහු රජයේ සම්මානයට පවා පාත්‍ර වී තිබේ. ග්‍රහලෝකවල චලනය නිරීක්ෂණය කිරීම සඳහා නව දින දර්ශනය යොදාගැනීම මුනිරාජ්ගේ අපේක්ෂාව වී තිබෙන බව වාර්තා වේ.

views

478 Views

Comments

arrow-up