වහල්භාවයේ වින්දිතයන් සැමරීමේ ජාත්‍යන්තර දිනය අදයි

වින්දිතයන්ගේ මතකය අනුස්මරණය කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, 2007 දෙසැම්බර් 17 දින 62/122 දරන යෝජනාවෙන්, මාර්තු 25 වන දින වහල්භාවයේ සහ අත්ලාන්තික් සාගරයේ වහල් වෙළෙඳාමේ වින්දිතයන් අනුස්මරණ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එය වාර්ෂිකව සැමරනු ලැබේ.
අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමේ හේතු, ප්‍රතිවිපාක සහ පාඩම් අනාගත පරපුරට කාවැද්දීමට සහ වර්ගවාදයේ සහ අගතියේ අන්තරායන් සන්නිවේදනය කිරීමට අධ්‍යාපන ආයතන, සිවිල් සමාජය සහ අනෙකුත් සංවිධාන බලමුලු ගැන්වීම සඳහා ව්‍යාප්ත වැඩසටහනක් පිහිටුවීමට ද එම යෝජනාවෙන් ඉල්ලා සිටින ලදී.
"ඉතිහාසයේ දරුණුතම මානව හිමිකම් උල්ලංඝනය කිරීම" ලෙස හඳුන්වන අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමේ ප්‍රතිවිපාකයක් ලෙස, දුක් විඳ මිය ගිය අයට ගෞරව කර සිහිපත් කරන දිනය මෙම දිනය වේ.
අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාම, බොහෝ විට ත්‍රිකෝණාකාර වෙළෙඳාම ලෙස හඳුන්වයි. මහාද්වීප තුනක ආර්ථිකයන් සම්බන්ධ කරමින් මිලියන 15 ත් 20 ත් අතර ජනතාවක්, පිරිමින්, කාන්තාවන් සහ ළමයින් ඔවුන්ගේ නිවෙස්වලින් පිටුවහල් කර විවිධ වහල් වෙළෙඳාම් ක්‍රමවල වහලුන් බවට පත් කිරීම මෙමගින් සිදුවිය.
මෙම වාර්ෂික අනුස්මරණය, වහල්භාවයෙන් පීඩාවට පත් වූවන් සහ විනාශ වූවන් පිළිබඳ මෙනෙහි කිරීමට අවස්ථාවක් ලෙස පමණක් නොව, ජාතිවාදයේ සහ අගතියේ අන්තරායන් පිළිබඳව ලොව තරුණ තරුණියන් දැනුවත් කිරීමේ අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය.
509 Views
Comments