ආදායම් වාර්තා බිඳ දැමූ බොලිවුඩයේ සදාතනික ආදරවන්තයාගේ වීර කාව්‍යය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

ආදායම් වාර්තා බිඳ දැමූ බොලිවුඩයේ සදාතනික ආදරවන්තයාගේ වීර කාව්‍යය

ආදායම් වාර්තා බිඳ දැමූ බොලිවුඩයේ සදාතනික ආදරවන්තයාගේ වීර කාව්‍යය

Pathaan යනු ශ්‍රීධර් රාඝවන් සහ අබ්බාස් ටිරේවාලා විසින් රචනා කරන ලද සිද්ධාර්ත් ආනන්ද් විසින් විශිෂ්ට ලෙස අධ්‍යක්ෂණය කරන ලද දැනටමත් බොක්ස් ඔෆිස් ආරම්භක වාර්තා කිහිපයක් බිඳ දැමීමට සමත් වූ නවතම ඉන්දියානු ක්‍රියාදාම චිත්‍රපටයයි. Yash Raj Films හි ආදිත්‍ය චොප්රා මෙහි නිෂ්පාදන දායකත්වය සපයා ඇති අතර පතාන්හි පළමු ඡායාරූපකරණය ඇරඹී ඇත්තේ 2020 වසරේ මුම්බායිහිදීය.

 

 

පතාන් මේ තරම් කතාබහට ලක්වූ සිනමාපටයක් වීමට ප්‍රධානම හේතුව වන්නේ එයට රංගනයෙන් දායක වී ඇත්තේ බොලිවුඩයේ ජනප්‍රියතම කලාකරුවන් වීමය. එනම් Shah Rukh Khan, Deepika Padukone, John Abraham, Dimple Kapadia සහ Ashutosh Ran සමගින් Salman Khan ද මේ වෙනුවෙන් එක්ව සිටීමයි. 

 

 

පිටුවහල් කරන ලද ඉන්දීය බුද්ධි අංශ නිලධාරියෙකු වන පතාන් ISI නියෝජිතවරියක වන රුබීනා මොහ්සින් සමග බුද්ධි අංශයෙන් පැනගිය ජිම් නමැති පුද්ගලයෙක් ඉන්දියාව විනාශ කිරීමේ අරමුණින් පැතිරවීමට උත්සාහ කරන මාරාන්තික වෛරසයකින් තම දේශය ආරක්ෂා කරගැනීමට සටන් වදියි. බිහිසුණු සටන් ජවනිකා, ත්‍රාසය, කුතුහලය, ආදරය මෙන්ම තාක්ෂණය පිරුණු  මෙම කතාව පාදක කරගෙන මේ විශිෂ්ට නිර්මාණය බිහි වී ඇත. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව King Khan නොහොත් බොලිවුඩයේ සුපිරි තරුව Shah Rukh Khan විසින් නිරූපණය කරන අතර ප්‍රධාන කාන්තා චරිතය Deepika Padukone විසින් නිරූපණය කරයි.

 

 

මෙම චිත්‍රපටය ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය, රුසියාව, ඉතාලිය සහ ප්‍රංශය යන රටවල විවිධ ස්ථානයන්හි රූගත කර ඇත. මේ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 28 ක නිෂ්පාදන පිරිවැයක් දරා ඇති අතර චිත්‍රපටය ප්‍රචාරණය සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 1.9 ක් වැය කර තිබේ. 2023 ජනවාරි 25 වන දින ඉන්දියානු ජනරජ දිනය යෙදී තිබූ සති අන්තයේදී මෙම නිර්මාණය ඉන්දීය සිනමාවේ තවත් එක් හැරවුම් ලක්ෂයක් ලෙස සිනමා ලෝලීන් වෙනුවෙන් නිකුත් කර ඇත. චිත්‍රපටය නිකුත් කළ පළමු සති කිහිපය තුළදීම ලොව පුරා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වශයෙන් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීමට එය සමත් විය.

 

 

කෙසේ වෙතත් මෙය යම් තරමකට ඉන්දියානු සමාජය තුළ ආන්දෝලනයකට තුඩු දී ඇති අතර චිත්‍රපටයේ එක් දර්ශනයක Deepika Padukome ගේ ඇඳුම් සහ රංගනය දැඩි ලෙස එරට ඇතැම් පිරිස් විවේචනය කර තිබේ. එම විවේචනයට ලක්වූ දර්ශනයන් සහ යොදා ගෙන ඇති ඇඳුම් නිවැරදි නොකළහොත් චිත්‍රපටය තහනම් කිරීමට රජය ක්‍රියා කරන බවට එරට මධ්‍ය ප්‍රදේශ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අනතුරු අඟවා තිබුණද අවදානම් මධ්‍යයේ තිරගත කළ "Pathaan" සියලු අභියෝගයන් සාර්ථකව ජයගනිමින් තවමත් ඉදිරියෙන්ම වැජඹෙන නිර්මාණයක්ව පවතී.

views

343 Views

Comments

arrow-up