Citrus Hikka Wedding Fair 2023 ට විවාහ වීමට සිටින ඔබ සැමට ආරාධනා

විවාහ මංගල උත්සව සඳහා බොහෝ දෙනෙකුගේ තේරීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජනප්‍රියම හෝටලයක් සඳහා බොහෝ දෙනෙකුගේ තේරීමක් වනුයේ සිට්‍රස් හික්කඩුව හෝටලයයි. සිට්‍රස් හික්කඩුව හෝටලයේ ‘Citrus Hikka Wedding Fair 2023’ ප්‍රදර්ශනය 2023 මාර්තු මස 25 සහ 26 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ගෙන ඇත.
මෙහිදී විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා සිට්‍රස් හික්කඩුව හෝටලයේ ඇති පහසුකම් දැකබලාගැනීමට නරඹන්නට අවස්ථාව ලැබෙනු ඇත. සාම්ප්‍රදායික උත්සව, වෙරළ තීරයේ පැවැත්වෙන විවාහ මංගල උත්සව සඳහා ද කදිමට ගැලපෙන සිට්‍රස් හික්කඩුව හෝටලය තවත් පහසුකම් රාශියකින් සමන්විත වේ.
එය අනාගත මනාල මනාලියන්ට තම විවාහ මංගල උත්සව සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, රූපලාවන්‍ය සේවාවන්, කේක්, රථ වාහන සහ සැරසිලි ඇතුළු සියලුම සේවාවන් සියල්ල එකම ස්ථානයකින් ලබා ගැනීමට ලැබෙන මහගු අවස්ථාවකි.
ප්‍රදර්ශනයේදී විවාහ මංගලෝත්සව සඳහා සිට්‍රස් හික්කඩුව හෝටලය මනාලියන්ට 20% දක්වා වට්ටම් ලබා දෙන අතර වඩාත් සහනදායී ගාස්තු යටතේ ලංකාවේ හෝටලයක තම විවාහ මංගලෝත්සවය පැවැත්වීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්ද වනු ඇත. 0775774405 අංකයෙන් අමිල ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
474 Views
Comments