ලෝක ජල දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ලෝක ජල දිනය අදයි

ලෝක ජල දිනය අදයි

ලෝක ජල දිනය වාර්ෂිකව මාර්තු 22 වන දින පවත්වනු ලබන්නේ මිරිදිය වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීමේ මෙන්ම මිරිදිය සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය ලෝකයට සිහිපත් කරදීමක් වශයෙනි. මේ පිළිබඳ අදහසක් මුලින්ම යෝජනා වී ඇත්තේ 1992 දී රියෝ ද ජැනයිරෝ හි පැවති එක්සත් ජාතීන්ගේ පරිසරය සහ සංවර්ධනය පිළිබඳ සමුළුවක් අතරතුරදීය. අනතුරුව එම වසරේදීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර මාර්තු 22 වනදා ලෝක ජල දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

 

 

1993 දී ප්‍රථම වරට පැවැත්වූ ලෝක ජල දිනයේ තේමාව වූයේ 'Water For Life' යන්නයි. 2023 දී එහි තේමාව 'Accelerating Change' එනම් 'වෙනස්වීම වේගවත් කිරීම' ලෙස නම් කොට ඇත. සත්‍ය වශයෙන්ම ගෝලීයව පැවති සහ තවමත් පවතින ජල අර්බුදය වෙනුවෙන් අප ප්‍රජාවක් ලෙස වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. 

 

 

ලෝකයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 2/3 ක් ජලයෙන් වැසී පැවතුණද ඉන් 97% ක්ම කරදිය වන අතර ඉතිරි 3% න්ද 2% ක්ම උත්තර හා දක්ෂිණ ධ්‍රැවයන්හි ඝනීභවනය වූ අයිස් ලෙස පවතී. එබැවින් මිනිසාගේ සහ අනෙකුත් ජීවින්ගේ භාවිතය සඳහා ඇත්තේ 1% ක් තරම් ප්‍රමාණයකි. මෙම භාවිතයට ගත හැකි ජලයත් කාලයක් තිස්සේ ගෝලීයව විවිධ අපහරණයන්ට ලක්වෙමින් පවතින අතර මිනිසුන්ගෙන් බහුතරයකට එහි අවදානම තවමත් වැටහී නොමැති බව පෙනී යයි. 

 

 

ජලය දේවත්වයෙන් ඇදහූ ඉතිහාසයකට උරුමකම් කියන අපට ජලය ආරක්ෂා කිරීමේ විශාල පාරිසරික වගකීමක් ඇති බව අප තරයේ සිහි තබා ගත යුතුය. ලෝක ජල දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසා ඇත්තේ ලොව අනෙකුත් බොහෝ රාජ්‍යයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාව යනු මතු පරපුර වෙනුවෙනුත් ජල මූලාශ්‍ර, ජල පෝෂක ආරක්ෂා කළ භූමියක් බැවින්  වර්තමානයේ මුහුණ දෙමින් පවතින ජල අර්බුදය විසඳීමට රටක් ලෙස අප පෙළගැසිය යුතු බවය.

views

581 Views

Comments

arrow-up