ලෝකයේ විශාලම ග්‍රහලෝකාගාරය බලන්න යමු

ලෝකයේ මෙතෙක් ඉදිකරන ලද විශාලතම ග්‍රහලෝකාගාරය වන "ෂැංහයි තාරකා විද්‍යා කෞතුකාගාරය" පසුගියදා (2023.01.17) විවෘත වුණා. වර්ග මීටර් 58,600 ක වපසරියකින් යුක්ත මෙම කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ චීනයේ ෂැංහයි නියමු නිදහස් වෙළඳ කලාපයේ ලින් ගං නැමැති විශේෂ ප්‍රදේශයේයි. ෂැංහයි විද්‍යා සහ තාක්ෂණික කෞතුකාගාරයේ ශාඛාවක් වන මෙම කෞතුකාගාරය ඉදිකිරීමට වසර 5 ක කාලයක් ගත වී තිබෙනවා. මෙම කෞතුකාගාරයේ 8K අධි විභේදන ගෝලාර්ධ රඟහල සහ විවිධ තේමාවන් සහිත ප්‍රදර්ශන කලාප තිබෙනවා. සඳ සහ අඟහරු ඇතුළු ග්‍රහයන්ගෙන් එක්රැස් කල උල්කාපාත 70 ක් පමණ සහ අයිසැක් නිව්ටන්, ගැලීලියෝ ගැලිලි සහ ජොහැන්සන් කෙප්ලර් වැනි විද්‍යාඥයන්ගේ මුල් කෘති ඇතුළු කෞතුක වස්තු 120 කට අධික ප්‍රමාණයක්ද මෙහිදී දැකගන්න පුළුවන්.
519 Views
Comments