සොඳුරු රුමේනියාව ගැන ඔබ නොදත් තතු මෙන්න

දකුණු දිග යුරෝපයේ ඇති ඉතා සුන්දර රාජ්‍යයන්ගෙන් එකක් ලෙස රුමේනියාව හැඳින්විය හැකියි. හංගේරියාව, බල්ගේරියාව, යුක්රේනය, සර්බියාව සහ මෝල්ඩෝවාව යන රට වලින් මායිම් වුණු මේ දේශය එක් පසෙකින් කළු මුහුදටද මායිම් වේ.
රුමේනියාව සැලකෙන්නේ යුරෝපයේ 12 වන විශාලතම රාජ්‍යය ලෙසයි. ජනගහනයෙන් ලංකාවටත් වඩා අඩු ප්‍රමාණයක් සිටින එම රාජ්‍යයේ රාජ්‍ය භාෂාව වන රුමේනියානු බස හැරුණු විට වෙනත් අනු භාෂා 26 ක් පවතියි.
සුවිශාල කඳු මුදුන් සමගින්, රට මැදින් ගලා බසින මනස්කාන්ත ගංගා පිරුණු, සොබා සුන්දරත්වයෙන් අනූන දේශයක් ලෙස රුමේනියාව ලෝක ප්‍රසිද්ධය. එසේම රුමේනියානු කාන්තාවන් ලෝකයේ සිටින වඩාත් පියකරුම, විවාහ වීමට සුදුසුම කාන්තාවන් ලෙසද ලෝකයේ සෙසු රටවල් අතර කතාබහට ලක්ව ඇත.
මීට අමතරව රුමේනියාව පිළිබඳව වැඩි ප්‍රසිද්ධියට පත් නොවූ තොරතුරුද ගණනාවකි. ඉන් එකක් නම් ලොව විශාලතම පාර්ලිමේන්තුව රුමේනියාව සතු වීමයි. Palace of Parliament ලෙස හඳුන්වන එම ගොඩනැගිල්ල දෙවෙනි වන්නේ ඇමරිකාවේ පෙන්ටගන් ගොඩනැගිල්ලට පමණි.
තවද විදුලි පහන් වලින් ආලෝකමත් වුණු ලොව පළමු නගරය ඇත්තේ ද රුමේනියාවේයි. එහි ටිමිසොආරා නම් නගරය එලෙස මීට දශක කිහිපයකට ඉහතදී භාවිතා වූ ගෑස් ලාම්පු වෙනුවට විදුලි ආලෝක පද්ධතියක් නිර්මාණය කරන ලද පළමු නගරය බවට ලෝක ඉතිහාසයට එක් වී ඇත.
රුමේනියාව පිළිබඳව කතා කිරීමේදී වඩාත් සිත්ගන්නසුළු තවත් කරුණක් වනුයේ එහි පිහිටි සපන්ටා නම් කුඩා නගරයේ ඇති Merry Cemetry නම් සොහොන් බිමයි. සිතුවම් සහ කවි පන්ති සටහන් කොට ඉතා විචිත්‍ර ලෙස නිර්මාණය කර ඇති දැවමය සොහොන් කොත් සහිත මෙම භූමිය විවෘත කෞතුකාගාරයක් ලෙසත් ලෝක ප්‍රසිද්ධය.
කතෝලික රාජ්‍යයක් වන රුමේනියාවේ ඉතා සුන්දර පල්ලි විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙන අතර ලොව උසම ලී පල්ලිය පිහිටා ඇත්තේද එහිය. එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ.
490 Views
Comments