නින්ජලාගෙන් කන්න ආස අය යන නිව්යෝර්ක් නගරයේ අපූරු අවන්හල

ලෝකයේ ඇති අරුම පුදුම අවන්හල් පිළිබඳව සොයා බැලීමේදී හමු වූ වෙනස්ම විදිහේ අවන්හලක් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් අසන්නට ලැබේ. ඒ නින්ජා නමැති අවන්හලයි. නමේම කිසියම් අමුතු ස්වභාවයක් ඇති මෙම අවන්හල මෙතෙක් අප කතා කළ අවන්හල් සංස්කෘතියට හාත්පසින් වෙනස් ය.
වර්තමානය වනවිට මෙම අවන්හල වසර 15 ක අඛණ්ඩ ගමනකින් අනතුරුව වසා දමා තිබේ. ඉතා විශාල ආයෝජනයකින් ගොඩනගා ඇති නින්ජා අවන්හලට පැමිණෙන ඕනෑම පාරිභෝගිකයෙකුට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලබාදීමට එහි සේවකයින් කැප වී සිට ඇත. නින්ජාවරුන් ලෙස ඇඳ පැළඳගත් පිරිසක් විසින් මෙහි ආහාර සැපයීම සහ අනෙකුත් සේවා සැපයීම සිදුකර තිබේ.
විශාල පාරිභෝගික ආකර්ෂණයක් පැවතියද මෙම අවන්හල වසා දැමීමට හේතු වී ඇත්තේ අවන්හල් හිමිකාරිත්වයට එහි බදු මුදල් ගෙවීමට අපහසු වීම නිසාය. ලෝකයේ විවිධ රටවල් වල ජනප්‍රිය ආහාර සහ පානයන්ගෙන් සමන්විත ආහාර වට්ටෝරු එහිදී භුක්ති විඳීමේ හැකියාවක් පැවත ඇති අතර බොහෝ විට ඒවායේ මිල ඇමරිකානු ඩොලර් 8 - 15 ත් අතර පැවතී ඇත.
කෙසේ නමුත් නින්ජා හි අත්දැකීම් සහිත පාරිභෝගිකයන් හට එය වසාදැමීම දැඩි සිත් තැවුලට හේතු වී තිබේ.
431 Views
Comments