ලොව අරුම පුදුම අවන්හල් 02 - මාලදිවයිනේ මුහුද යට අවන්හල
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

ලොව අරුම පුදුම අවන්හල් 02 - මාලදිවයිනේ මුහුද යට අවන්හල

ලොව අරුම පුදුම අවන්හල් 02 - මාලදිවයිනේ මුහුද යට අවන්හල

ලොව අරුම පුදුම ආකාරයේ අවන්හලක් පිළිබඳව පසුගිය දිනෙක අපි තොරතුරු ගෙන ආවෙමු. එවැනිම විශ්මයජනක නිර්මාණයක් අපේ තවත් එක් අසල්වැසි රාජ්‍යයක් වන මාලදිවයිනෙන් වාර්තා වේ. ඒ Itha Undersea නමැති ලොව පළමු වරට මුහුද යට ඉදිකළ අවන්හලයි.

 

 

සාගර මතුපිටින් 5m ක් පමණ පහළින් පිහිටි මෙම අවන්හලේ පරිදර්ශක කොරල් ඇතුළුව ඉතා මනස්කාන්ත දසුන් නරඹමින් ආහාර ගැනීමට හැකිය. මංගල උත්සව, පුද්ගලික භෝජන සංග්‍රහ මෙන්ම වෙනත් විශේෂ අවස්ථා සඳහා කදිම ස්ථානයක් ලෙස මෙය හඳුන්වා දී තිබේ. 

 

 

නවසීලන්ත නිර්මාණ උපදේශන සමාගමක් වන M. J. මර්ෆි ලිමිටඩ් විසින් මෙම අවන්හල සැලසුම් කර ඉදිකරන ලද අතර එය 2005 අප්‍රේල් මාසයේදී විවෘත කර ඇත. සපයන සෑම ආහාර වේලක් පිළිබඳවම ඉතා සැලකිලිමත් වන මෙම අවන්හල ලෝකයේ හොඳම ආහාර ලෙස සැලකෙන විශේෂ වට්ටෝරු වලින් සැකසූ ආහාර පානයන් පාරිභෝගිකයන් වෙනුවෙන් පිළියෙල කරනු ලබයි. රාත්‍රී ආහාරය සඳහා ඇමරිකානු ඩොලර් 390 ක්ද දිවා ආහාරය සඳහා ඇමරිකානු ඩොලර් 238 ක්ද ඔවුන් අයකරයි. 

 

 

ජැටියක කෙළවරෙහි ඇති සර්පිලාකාර පඩිපෙලකින් මෙහි ප්‍රවේශය නිර්මාණය වී ඇත. මෙම අවන්හල පිළිබඳව අසන්නට ලැබෙන සුවිශේෂීම තොරතුර නම් 2004 සුනාමි ඛේදවාචකය සිදු වූ අවස්ථාවේදීත් මෙම අවන්හලට කිසිදු අනතුරක් සිදු නොවීමයි.

 

 

විශේෂයෙන් මුහුදු ආහාර ලෝලීන් සඳහාම වෙන්වුණු, ආරම්භයේ සිට අද දක්වාම ලෝකය පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අවන්හලක් වන Itha Undersea යනු ජීවිතයේ එක්වරක් අත්විඳි යුතුම අත්දැකීමකි.

views

437 Views

Comments

arrow-up