මහ රෑටත් ඉර පායන අරුම පුදුම සුන්දර දේශය "නෝර්වේ"
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

මහ රෑටත් ඉර පායන අරුම පුදුම සුන්දර දේශය "නෝර්වේ"

මහ රෑටත් ඉර පායන අරුම පුදුම සුන්දර දේශය "නෝර්වේ"

ලෝකයේ වෙනස් විදිහේ රටවල් පිළිබඳව සිදු කරන කතාබහේ අද ඉඩක් වෙන් වෙන්නේ වරක් ලොව සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින රට ලෙස නම් දැරූ නෝර්වේ රාජ්‍යයටයි. යුරෝපයේ උතුරු කෙළවරෙහි පිහිටි නෝර්වේ රාජ්‍යය ඉතා දියුණු මෙන්ම ලෝකයේ සශ්‍රීකම රාජ්‍යයන් වලින් එකකි. ඉතා සතුටින්, තෘප්තිමත්ව ජීවත් වන මිනිසුන් සිටින නිසා මෙන්ම ආර්ථික හෝ දේශපාලනමය ගැටළු අවම වීම හේතුවෙන්ද නෝර්වේ රාජ්‍ය ගැටළු පවතින රට වලට නිරන්තරයෙන් සිය සහය ලබාදෙනු දැකගත හැකියි.

 

 

1752Km ක දිගකින් යුතු යුරෝපයේ දිගුම රාජ්‍යය වන නෝර්වේ කුඩා හිසක් සහ වලිගයක් මෙන් හැඩයක් ගනී. මුළු රටෙහිම ජනගහනය මිලියන 5 ක් පමණ වන අතර එය ලංකාවේ බස්නාහිර පළාතේ පමණක් ජනගහනයට සමාන වේ. නෝර්වේ පිළිබඳව ඇති සුවිශේෂීම කරුණක් වන්නේ එහි සත්‍ය නම නෝර්වේ නොවීමයි. එරට නිල භාෂාවන් ද්විත්වය වන බොක්මාල් සහ නිනොක්ස් වලට අනුව එහි නිල නාමය නෝජ් සහ නොරෙග් යන්නය. අත්ලාන්තික් සාගරයට යාව උතුරු දෙසට පැවති Northern Way යන මාර්ගයේ නම කෙටි වීමෙන් නෝර්වේ යන්න සෑදී තිබේ.

 

 

නෝර්වේ රාජ්‍යයේ තවත් විශේෂත්වයක් වන්නේ එය පුරාණ වයිකින්වරුන්ගෙන් පැවත ඒමයි. එසේම එය ඉතා ඉක්මනින් ධනවත් වූ රාජ්‍යයකි. ආරම්භයේ සිටම කෘෂි හා ධීවර සම්භවයක් ගත් නෝර්වේ රාජ්‍ය පසුකාලීනව අනාවරණය කරගත් බොරතෙල් නිධි මගින් දැවැන්ත ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගෙන ඇත. 

 

 

එසේම නෝර්වේ යනු සිය රාජ්‍යයේ ඉදිරි පරපුර පිළිබඳව දැඩි වගකීමෙන් කටයුතු කරන දේශයකි. සිය රටේ ස්වභාවික සම්පත් වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට නිරන්තරයෙන් පියවර ගන්නා නෝර්වේ හි බුද්ධිමත් නායකයින් ඔවුන්ට කෙටි කාලීනව ලාභ ඉපැයීමට ඉවහල් වූ බොරතෙල් මුදල් වලින් කොටසක් අරමුදලක් ලෙස ඉතිරි කරන අතර තවත් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළෙහිත් ආයෝජනය කර ඇත.

 

 

ආදායම් බෙදී යාමේ අවම විෂමතාවක් ඇති නෝර්වේ රාජ්‍යය සෑම විටම ප්‍රමුඛතාව දී තිබෙන්නේ රටේ ජනතාවටය. එහි දැකිය හැකි තවත් සුවිශේෂීම ලක්ෂණයක් වන්නේ මධ්‍යම රාත්‍රියටත් හිරු පායා තිබීමයි. රාජ්‍යයේ ඉහළින් පිහිටි නගර වල අක්ෂාංශ පිහිටීම හේතුවෙන් මේ සංසිද්ධිය දක්නට ලැබෙන අතර සෑම වසරකම අප්‍රේල් 19 වන දින ඉර බැසීම දකින නෝර්වේ වැසියන් නැවත ඉර බසිනු දකින්නේ අගෝස්තු 23 වනදායි. 

 

 

ඉතා බුද්ධිමත්, දුරදක්නා නුවණක් ඇති පාලකයින් සහ ජනතාවක් වෙසෙන මෙම රට වසර ගණනාවක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින යන ලේබලය ගසාගෙන සිටින අප වැනි දේශයන්ට ඉතා හොඳ ආදර්ශයක් සපයනවා නොවේද.

views

550 Views

Comments

arrow-up