ලෝකයේ මිලෙන් වැඩිම කෝපි ගැන දන්නවද

ලෝකයේ මිල අධිකම කෝපි වලින් එකක් වන KOPI LUWAK නිෂ්පාදනය කරන්නේ සතෙකුගේ මළපහ වලින් කියලා කිව්වොත් ඔයාලාගේ මුහුණේ ඉරියව් වෙනස් වෙලා යනවා නො අනුමානයි. මෙම කෝපි නිෂ්පාදනයට යොදා ගන්නා සත්වයා වෙනින් කවුරුත් නෙමෙයි ඒ තමයි කළවැද්දා Plam Civet සත්ව විශේෂය. මෙම මිල අධිකම KOPI LUWAK නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු දූපත් වන සුමාත්‍රා, ජාවා, බාලි සහ සුලවේසි සහ නැගෙනහිර ටිමෝරයේ ය. තව පිලිපීනයේ දූපත් වල ගොවිපලවල් වලද නිෂ්පාදනය කරනු ලැබේ. kopi luwak කෝපි මිලෙන් අධික වීමට හේතුව වන්නේ මෙම නිෂ්පාදනය මහා පරිමාණයෙන් කිරීමට නොහැකි නිසාත් එම නිසා ඉහත කී රටවල මෙම නිෂ්පාදනය සුළු වශයෙන් කරන නිසා සහ සතකුගේ බඩ තුළ ජිර්ණය වු විශේෂ කෝපි වර්ගයක් නිසාය.
kopi luwak කියන නම හැදෙන්නේ kopi යනු කෝපි සඳහා ඉන්දුනීසියානු වචනය සහ luwak යනු සුමාත්‍රා හි කළවැද්දාට කියන නම එකතුවිමෙන්. කෝපි අස්වැන්න නෙළාගත් පසු අස්වැන්න තෝරා ගත් ගොවි පළවල් වලට රැගෙන එන අතර , ඒ ගොවි පළේ සිටින Asian plam civet සත්වයාට අනුභව කිරිමට ලබාදේ, එම කෝපි ආහාරයට ගෙන පසුව මළපහ කරනු ලබන මළත් සමග කෝපි ගොවින් එකතු කර එය පිරිසිදු කර මිල අධිකම කෝපි වන KOPI LUWAK නිෂ්පාදනය කරණු ලබයි. මෙම කෝපි නිෂ්පාදකයින් තර්ක කරන්නේ මෙම ක්‍රියාවලිය මගින් කෝපි වැඩි දියුණු කළ හැකි බවයි. එසේ සිදු වන්නේ සතාට දෙන කොපි ආහාර තොරා බේරා කන විටය - එනම් වඩාත්ම ඉදුණු හා දෝෂ රහිත ඒවා එම සත්වයන් ආහාරයට ගන්න නිසායි. ආහාර ජීර්ණය මගින් ආහාරයට ගත් කෝපි ඇට වල රසකාරක පැතිකඩ වැඩි දියුණු කළ හැකිය. civetගේ protease එන්සයිම ආහාර ජීරණ ක්‍රියාවලියේදී කොපි ඇට වලට කාන්දු වන අතර එමඟින් කෙටි peptides හා amino acids ඉවත් කිරීමෙන් ගුණාත්මක වටිනා කමක් ලබා දෙනබව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
KOPI LUWAK කෝපි වාර්ෂික ලෝක නිෂ්පාදනය කිලෝ 600ක් තරම් ප්‍රමාණයක් බව අන්තර්ජාලයෙ සඳහන් වෙනවා. KOPI LUWAK කෝපි කිලෝවක දළ මිල ඇමරිකානු ඩොලර් 600ක් තරම් ඉහළ මිලකට අලෙවි වෙනවා. එය ග්‍රෑම් 100කට ඩොලර් 60කට සමාන වේ. මෙම මීල ගණන් වෙනස්වන හෙයින් නිශ්චිත මිලක් කිව නොහැක.
448 Views
Comments