මනුෂ්‍යත්වයට කළු පැල්ලමක් එක් කළ කරමින් ලෝකයේ ලොකුම ඇතින්න එල්ලා මැරූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

මනුෂ්‍යත්වයට කළු පැල්ලමක් එක් කළ කරමින් ලෝකයේ ලොකුම ඇතින්න එල්ලා මැරූ හැටි

මනුෂ්‍යත්වයට කළු පැල්ලමක් එක් කළ කරමින් ලෝකයේ ලොකුම ඇතින්න එල්ලා මැරූ හැටි

මේ සිද්ධිය වෙන්නේ 1916 කාලයේදි ඇමරිකාවේ. මේ කතාව කියවලා මිනිස්සු එදත් අදත් කොච්චර අකාරුණිකද කියලා ඔයාලම තේරුම් ගන්න.

 

මේරි කියන්නේ විශාලත්වයෙන් වැඩි කීකරු ඇතින්නියක්.ඇත්තටම ඇය වහල් සේවිකාවක් කීවොත් තමා හරි. ඇගේ ශ්‍රමය ඇත්තටම සූරා කන්නේ Sparks World Famous Shows කියන සර්කස් කන්ඩායම. ඉස්සර මේ සර්කස් කන්ඩායම ඇමරිකාවේ ගොඩක් ප්‍රසිද්ධයි කියලා තමයි කියන්නේ. ඇත්තටම මේරි බෙහෙවින් කීකරු ඇතින්නියක්. දවසක් ඇය පාරේ යමින් ඉද්දි කොමඩු ගෙඩියක් දැකලා යන ගමන පැත්තක තියලා කොමඩු ගෙඩිය ගන්න යනවා.

 

නමුත් ඇගේ පිට මත උන්නු නුපුහුණු ඇත්ගොව්වට අවබෝධයක් තිබුණෙ නෑ ආපහු මේරිව පාර පැත්තට හරව ගන්න. ඔහුට ඇත්තටම ඇතින්නක් ආම්බාන් කරලා පලපුරුද්දක් නැ.ඔහු හෝටල් රැකියාවක් කල කෙනෙක්. ඇතින්නව හරියට පාරට ගන්න බැරි වෙද්දි ඔහු ළඟ තිබුණ හෙන්ඩුවෙන් මේරිගේ කන පිටි පස්සට අනිනවා. එයින් ඇය විශාල වේදනාවකට පත්වෙන අතර ඇය කලබල වෙනවා. ඇය  හොඬ වැලෙන් ඇත් ගොව්වාව අරගෙන පොලවේ ගහනවා. ඇත් ගොව්වාව බිම  පාගලා ඔළුව චොප්ප කරලා එතනම මරා දානවා..

 

මේ සිද්ධිය නගරේ මිනිස්සු ඇස් දෙකටම දැක්කා. ඔවුන් කලබල වෙනවා. මේරිට විරුද්ධව හැමෝම හඬ නැඟුවා..

 

"මේරිව මරන්න"

 

හැමෝම එක හඬින් කීවා..

 

මිනිස්සුන්ගේ විරෝධය වැඩි වෙද්දි  හාම්පුතුන් කලබල වෙනවා. මේරිව නඩු විභාගයක් නැතිව එල්ලා මරන්නැයි හැමොම එක හඬින් කියනවා. මේ විරෝධතා එක්ක  Sparks සර්කස් කන්ඩායම අන්තිම අඩියට වැටෙද්දි මේරිව නගරයේ බලධාරීන්ට බාර දෙනවා. අන්තිමට ඇයව එල්ලා මරන්න තීරණය කරනවා..

 

ඇයව එල්ලා මරන්න ඔවුන් යොදා ගන්නෙ දොඹකරයක්. ඇත්තටම මේරි හීලැ ඇතින්නියක්. එල්ලලා මරන්න දම්වැල් බෙල්ලට දාද්දිත් ඇය නිසොල්මනේ ඉන්නවා. අන්තිමට ඇය දොඹකරෙන් උඩට ගනිද්දී බෙල්ල හිර වෙද්දි ඇය කලබල වෙනවා. පලවෙනි පාර මේරි බිමට වැටෙනවා. ඇගේ කොඳු ඇට පේලිය බිඳෙනවා. ඇය වේදනාවෙන් කෑ ගහන්න ඇති. ඇත්තටම මේරි කෑ ගහලා. එයින් නොනැවතුන ඔවුන් දෙවැනි පියවර සාර්ථක කරගෙන ඇයව එල්ලා මරනවා.

 

එදත් අදත් මිනිස්සු කොච්චර කෲරද. අමානුෂික විදිහට සලකලා මේරිගෙන් සල්ලි හම්බ කරගෙන අන්තිමට මරලා දානවා. මේරිට වෙච්ච අසාධාරණේ කාටවත් පෙනුන් නැ. අදටත්  එහෙමයි. සත්තුන්ට මිනිස්සුගෙන් වෙන අකටයුතුකම් වලට කතා කරන්න කිසිම උසාවියක් නෑ.

views

444 Views

Comments

arrow-up