සියවස් ගණනාවක සිට පැවතෙන “මෝඩයන්ගේ දවස” අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

සියවස් ගණනාවක සිට පැවතෙන “මෝඩයන්ගේ දවස” අදයි

සියවස් ගණනාවක සිට පැවතෙන “මෝඩයන්ගේ දවස” අදයි

සෑම වසරකම අප්‍රේල් මස පළමුවැනිදා යනු ලොව සෑම රටකම පාහේ ජනතාව විමසිල්ලෙන් සිටිනා දවසකි. ඒ අන් කිසිවක් නිසා නොව එදින මෝඩයන්ගේ දිනය ලෙස සලකමින් අනුන් රැවටීම සඳහාත් විහිලු තහළු කිරීමටත් යොදාගන්නා දිනයක් නිසාවෙනි.

 

මෙම නිසා ලොව පුරා බොහෝ ජනතාව අප්‍රේල් 1 වැනිදා හඳුන්වන්නේ මෝඩයාගේ දිනය ලෙසින්ය.

 

මෝඩයන්ගේ දිනය ලෙස මෙදින ආරම්භ වී ඇත්තේ ප්‍රංශයෙනි.

 

ක්‍රි.ව. 1564 දී 14 වැනි චාල්ස් රජු සෑම වසරකම ජනවාරි මස පළමුවැනිදා වර්ෂයේ මුල්ම දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

 

එතෙක් වර්ෂයේ මුල්ම දිනය නැතහොත් වර්ෂයක ආරම්භක දිනය වශයෙන් සලකා ඇත්තේ අප්‍රේල් පළමුවැනිදාය. එහෙත් එකල ලොව බොහෝ රටවල් මේ දින දෙකම අලුත් අවුරුද්ද සැමරීමට යොදාගෙන තිබිණි.

 

ඇතැම් රටවල් පරණ පුරුද්දට අප්‍රේල් මස පළමුවැනිදා නව වසර සැමරූ අතර තවත් සමහරු ජනවාරි පළමුවැනිදා නව වසර සැමරූහ. චාල්ස් රජුගේ මෙම නීතිය නිසා වසරේ මුල් දවස නිමිත්තෙන් උත්සව පැවැත්වීම අවුල් ජාලයක් බවට පත්විය.

 

ජනවාරි මස 01 වැනිදා වසරේ මුල්ම දිනය ලෙස පිළිගැනීම සහ අප්‍රේල් 01 වැනිදා උත්සව පවත්වන්නේ මෝඩයන් බව චාල්ස් රජු පැවසීම නිසාත් අප්‍රේල් මස 01 වැනිදා මෝඩයන්ගේ දිනය ලෙස ප්‍රකට වූ බව පැවසේ.

 

බ්‍රිතාන්‍යය මෝඩයන්ගේ දවස පිළිගත්තේ 18 වැනි ශත වර්ෂයේදීය. ප්‍රංශයේ ක්‍රියාත්මක වූ මෝඩයන්ගේ දවස 16 සහ 17 වැනි ශතවර්ෂවලදී බටහිරට පැතිර ගිය අතර පෙරදිග රටවල අප්‍රේල් මස පළමුවැනිදා මෝඩයන්ගේ දවස ලෙස සැලකීමට පුරුදු වී ඇත්තේ බටහිර ආක්‍රමණවලින් පසුව බව සඳහන්ය.

 

මෝඩයන්ගේ දිනය ලෙස සැලකෙන අප්‍රේල් 01 වැනිදා ලෝකයේ බොහෝ රටවල ලොකු කුඩා සෑම දෙනකුම මතක තබාගෙන සිටිති.

 

එමෙන්ම එදා මෙන් අදද මෙම බොරු ප්‍රචාරවලින් මුලාවන්නන් සමාජයේ හතරදිග් භාගයේම දැකගත හැකිය. ලෝකයේ බොහෝ රටවල ඇතැම් පුවත්පත් මගින් මෝඩයන්ගේ දිනය නිමිත්තෙන් නොයෙකුත් ප්‍රවෘත්ති හා පින්තූර පළකිරීම්ද අසන්නට තිබේ.

 

කෙසේ වෙතත් සෑම වසරකම අප්‍රේල් මස පළමුවැනිදාට ඉතාමත් රසවත් විහිළු ලියා එවන පාඨකයන්ට පිටරටවල ඇතැම් පුවත්පත් මගින් තෑගි පිරිනැමෙන අතර ඔවුහු එම පුවත් පළකිරීමෙන් පාඨකයාගේ සිත් රිදවීමක් හෝ නොමග යැවීමක් කිසි විටෙකත් අපේක්ෂා නොකරති.

 

වසරකට වරක් හෝ විහිළුවක් කිරීමෙන් ජනතාව විනෝදමත් කිරීමට ඔවුන් මෙම දිනය යොදාගෙන ඇත්තේ එබැවින්ය.

views

450 Views

Comments

arrow-up