"කටු අකුලේ - රස ගුණ දේ" කටු අනෝදා ගැන නොදත් ගොඩක් දේ දැනගනිමු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

"කටු අකුලේ - රස ගුණ දේ" කටු අනෝදා ගැන නොදත් ගොඩක් දේ දැනගනිමු

"කටු අකුලේ - රස ගුණ දේ" කටු අනෝදා ගැන නොදත් ගොඩක් දේ දැනගනිමු

කටු අනෝදා ( 𝐴𝑛𝑛𝑜𝑛𝑎 𝑚𝑢𝑟𝑖𝑐𝑎𝑡𝑎 𝐿. ) යනු "Annonaceae" කුලයට අයත් පලතුරකි.

 

ඖෂධීය ගුණ රාශියකින් සමන්විත වුවත්, ශ්‍රී ලංකාව තුළ මෙය තවමත් ඌන පරිභෝජනයට ලක්ව ඇති පළතුරක් ලෙස සැලකේ.

 

ශ්‍රී ලංකාවේ අතරමැදි හා වියළි කලාපයන්හි කටු අනෝදා ව්‍යාප්තිය බහුලව දැකිය හැකිය.

 

කටු අනෝදා ඵලයෙහි ආහාරයට ගත හැකි කොටසින් 100g ක් තුළ කාබෝහයිඩ්‍රේට 17g ක්, ප්‍රෝටීන 1g ක්, ලිපිඩ 0.7g  ක්, තන්තු 6g ක් අඩංගු වේ.

 

මෙය විටමින් C බහුලව අඩංගු පළතුරකි. මීට අමතරව පොටෑසියම්, පොස්පරස්, කැල්සියම්, සින්ක්, සෝඩියම් , මැග්නීසියම්, යකඩ වැනි ඛනිජ ලවණ වලින් ද අනූන  වේ.

 

කටු අනෝදා පිළිකා නාශක, බැක්ටීරියා සහ වෛරස් නාශක, දියවැඩියාව දුරලීමේ, පාචනය සමනය කිරීමේ සහ ආහාර මාර්ගයේ තුවාල ඇති වීම වැළැක්වීමේ (antiulcer) හැකියාව දරයි.

 

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙහි කටු අනෝදා බහුලව දක්නට ලැබෙන්නේ නැවුම් පළතුරක් ලෙස වුවත්  ජෑම්, ජෙලි, පාන වර්ග සහ වයින් සෑදීමට ද මෙය භාවිතා කළ හැක.

 

එමෙන්ම වර්තමානය වන විට කටු අනෝදා හරිත තේ (Green tea), කටු අනෝදා පවුඩර් වැනි පත්‍ර ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම කටු අනෝදා තෙල් වැනි බීජ ආශ්‍රිත නිෂ්පාදන ද දැක ගත හැක.

 

කටු අනෝදා වගා කිරීම අවම වීමත්, මෙහි පෝෂණීය අගය පිළිබඳව පාරිභෝගිකයාගේ ඇති නොදැනුවත්භාවයත් මෙහි ඌන පරිභෝජනයට ප්‍රධාන වශයෙන් හේතු වේ.

 

ඉක්මනින් මෘදු වීම (softening)  සහ ඉදීම මගින් අස්වනු අපතේ යාමක් සිදු වීම ද කටු අනෝදා ඌන පරිභෝජනයට හේතු වේ.

 

වගාවට සුදුසු, වඩා හිතකර සහ වාසිදායක ලක්ෂණ සහිත ප්‍රභේද හදුන්වා දීමත්, කටු අනෝදා වගාව ප්‍රචලිත කිරීමත් තුළින් ඵලදාව ඉහළ නැංවිය හැකිය.

 

මීට අමතරව පෝෂණ අගය පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීමත්, කටු අනෝදා භාවිතයෙන් නිපදවන අගය එක් කළ (value-added) නිෂ්පාදන (බේකරි නිෂ්පාදන සඳහා කටු අනෝදා puree, කටු අනෝදා රසැති ජෙලි ටොෆී) වෙළෙඳළෙළට හදුන්වා දීමත් මඟින් කටු අනෝදා පරිභෝජනය ඉහළ නැංවිය හැකිවනු ඇත.

views

485 Views

Comments

arrow-up