සංචාරකයින්ගෙන් සැඟවුණු රමණීය දියඇල්ලක්

පීස්ස ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පීස්සගම ගම්මානයේ පිහිටා ඇති සුන්දර මනරම් දිය ඇල්ලකි. එය උසින් මීටර් 45 ක් පමණ වේ.
බදුල්ල සිට පැමිණෙන සංචාරකයන්ට බදුල්ල – බිබිල A-5 මාර්ගයේ පැයක පමණ ගමනකින් පසුව පීස්ස ඇල්ලට ළඟා වන්නට හැක. ඇල්ල සිට පැමිණෙන සංචාරකයන්ට නමුණුකුල – පස්සර – බිබිල මාර්ගය හරහා පැය 1 1/2 ක ගමනකින් පසුවද, බිබිල – ලුණුගල හරහා විනාඩි 45 ක පමණ කාලයකින් දිය ඇල්ලට ළඟා වීමට හැක.
දිය ඇල්ලට පහසුවෙන්ම ළඟාවීමට හැකි පහසුම මාර්ගය වන්නේ පස්සර බිබිල මාර්ගයේ ලුණුගලට ආසන්නව ඇති 22 කණුව අසලින් හැරී හොප්ටන් වතු යාය අතරින් වැටී ඇති පීස්සගම මාර්ගයේ ගමන් කිරීමයි. පීස්සගමට යන මංසන්ධියේ ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයෙන් නාම පුවරුවක් සවි කර ඇත.
දිය ඇල්ලේ සැබෑ සුන්දරත්වය දැකගන්නට නම් කඩා හැලෙන ජල ධාරාව වැඩි කාලයක එහි යා යුතුය. තේ වතු, රබර් වතු මැදින් වැටී ඇති මේ සුන්දර මාර්ගයේ පසෙකින් දර්ශනය වන ලුණුගල කදු පන්තිය සෝබමානයෙන් දිස්වන නිසා දිය ඇල්ලට යන ගමන සුන්දර අත්දැකීමක් වේ.
827 Views
Comments