යකාගෙ පඩිපෙළ තරණය කළාද?

කළුපහන සිට බඹරකන්ද දියඇල්ල පසුකරගෙන යකාගෙ පඩිපෙළ ලෙස හදුන්වන මාර්ගය හරහා ඔහිය දක්වා සංචාරය කරන එක බොහෝ සැරිසරන්නන් අතර ඉතා ප්‍රචලිත ගමනක්. මේ ගමන කිසිම අයුරකින් ලෙහෙසි පහසු ගමනක් නම් නෙවෙයි. මේ ගමන ඉතා අසීරු ගමනක් වුණත් සංචාරක සැරිසරන්නෙක්ගෙ හීන අතර ඉහළින්ම තිබෙන ගමනක් තමයි යකාගෙ පඩිපෙළ තරණය කරන එක.
මේ ගමන ආරම්භ කරන්නෙ කොළඹ – බදුල්ල මාර්ගයේ පිහිටා තිබෙන කළුපහන ප්‍රදේශයෙන්. එතැන් සිට ඔහිය දක්වා මුළු දුර කි.මී. විසි තුනක්. නමුත් ගමන අතරමඟදී හමුවන දුෂ්කර කෙටි මාර්ගයක පැමිණීමෙන් මුළු දුර කි.මී. දහ හතරක් දක්වා අඩුකර ගන්න පුළුවන්.
මේ මාර්ගය අති දුෂ්කර මාර්ග වගේම විශාල බෑවුම්වලින් සමන්විත වෙනවා. මේ හේතුව නිසාම මේ ගමන යන රියැදුරු දෑත ඕනෑම දෙයකට ඔරොත්තු දෙන පළපුරුදු රියැදුරෙක් වෙනවා නම් වඩාත් හොඳයි. ඇතැමුන් කියන විධියට මේ මාර්ගයට යකාගෙ පඩිපෙළ කියන නාමකාය වැටිලා තිබෙන්නෙත් මෙන්න මේ කියන දුෂ්කර දුර්ග මාර්ගය නිසා.
මෙහිදී මුලින්ම හමුවන සුන්දර ස්ථානය තමයි ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ල. මේ දියඇල්ල පසුකිරීමෙන් පසුව විවිධ වර්ගයේ සුන්දර දසුන් මුණගැහෙන්න ගන්නවා. ඇතැම් තැන්වල මේ මාර්ගය ඉතා ලිස්සනසුලු ගල් කැටවලින් සමන්විත වෙනවා වගේම ඇතැම් තැන් බොර සහිත පසකින්ද යුතු වෙනවා.
911 Views
Comments