දිය යට ඉදිකළ අපූරු කෞතුකාගාරය

චීනයේ ෆූලින් දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති බයිහෙලියන්ග් කෞතුකාගාරය, දිය යට ඉදිකර තිබෙන කෞතුකාගාරයකි.
2003-2009 කාලය තුළ මෙම අපූරු කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවිය. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 31 ක පමණ මුදලක් වැය වී තිබේ.
සම්පූර්ණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ජලය ටොන් 3,800 ක් වැය වී තිබේ. කෞතුකාගාරයේ නැරඹුම් කවුළු 23 ක්ද දිය යට කැමරා 28 ක්ද දක්නට ලැබේ. එක වර සංචාරකයන් 40 දෙනකුට කෞතුකාගාරය නැරඹීමේ හැකියාව පවතී.
මුල් යුගයේ දී කෞතුකාගාරය තුළ තිබුණු ජලයේ ගුණාත්මක බව පිරිහීම සහ පර්වතය මත ඇල්ගී වර්ධනය වීම යන හේතු නිසා කෞතුකාගාරය වරින් වර වසා දැමීමට සිදු විය. ඉන් පසුව මෙහි ජල ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක් ස්ථාපිත කරන ලදි. එම පද්ධතිය හරහා පහසුවෙන් ජලය පිරිසුදු කිරීමේ හැකියාව පවතී. සෑම පැයකට ම වරක් පිරිසුදු ජලය ටොන් 20 ක් කෞතුකාගාරය තුළ ට පොම්ප කිරීම සිදුවේ.
කිමිදුම්කරුවන් මසකට වරක් පර්වතය පිරිසුදු කරයි. නරඹන්නට වඩාත් පැහැදිලි දර්ශන ලබා දීම සඳහා මෑත යුගයේ දී ජනෙල් සඳහා විශේෂ වීදුරු වර්ගයක් සවි කර තිබේ.
මෙම කෞතුකාගාරය නඩත්තු කිරීම සඳහා එහි කාර්යය මණ්ඩලය විශාල පරිශ්‍රමයක් දරයි. එනිසා අද වන විට චීනයේ දිය යට කෞතුකාගාරය ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් බවට පත්ව තිබේ.
753 Views
Comments