හම්බන්තොටත් දිය ඇළි තිබෙන බව දැන සිටියාද?

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුන්දරත්වය වැඩි කරන්නට කඩා හැලෙන හරි අපූරු දිය ඇල්ලක් ලෙස සපුගහෙදාළ දිය ඇල්ල හදුන්වන්නට පුළුවන්.
තෙත් කලාපයේ දේශගුණික ලක්ෂණයන්ගෙන් හෙබි මේ අපූරු දිය ඇල්ල පිහිටා ඇත්තේ මේමලේ කන්ද කේන්ද්‍ර කර ගනිමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇති එකම දිය ඇල්ල වන්නේද මේ සපුගහෙදාළ දිය ඇල්ලයි.
ඌරුබොක්ක, වලස්මුල්ල මාර්ගයෙහි රම්මල හෙවත් වරාපිටිය ගමේ රම්මලේ කන්ද පිහිටා තිබෙනවා. ඓතිහාසික මේමලේ කන්ද රක්ෂිත වනාන්තරයෙහි නැඟෙනහිර බෑවුමට වන්නට පිහිටා ඇති මේ සුන්දර දිය ඇල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා ඇත.
තංගල්ල නගරයේ සිට කිලෝමීටර 34 ක්ද මාතර සිට කිලෝමීටර 52 ක ගමනකින් පසුව සපුගහෙදාළ ඇල්ලට ළඟාවන්නට හැක. විතාරන්දෙණිය, වීරකැටිය, කොටබෝධිය හරහා ජුලම්පිටිය පාරේ පැමිණ රම්මල් කන්ද පාමුලට එන්න හැකි තවත් මාර්ගයක්ද වේ.
රන්මලේ කන්ද උසින් අඩි 2,700 ක් දක්වා පැතිර යයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උසම තැන වන්නේද මේ කදු මුදුනයි. මේමලේ කන්ද වටා දෙණිය කන්ද, කරවිල කන්ද, මැද කන්ද, බෙංගමු කන්ද, හුළං කන්ද, වේගිරිය කන්ද යන කදු පරිවාර කදු ලෙස පිහිටා තිබේ.
අතීතයේ බිසෝවරුන් කිහිපදෙනෙක් මේ ඇල්ලෙන් පැන සිය දිවි හානි කරගත්තා යැයි ජනප්‍රවාදයක්ද ඒ අවට ජනයා අතර පවතී. මේමලේ කන්ද රක්ෂිතය තුළින් ගලා එන දිය දහරාව මඟින් සපුගහෙදාළ ඇල්ල පෝෂණය වේ. මෙහි ජලය ගලා ගොස් එකතු වන්නේ කිරම ආර ඔයටයි. තෙත් කලාපීය පරිසරයක පිහිටා තිබෙන මෙම ඇල්ලේ උස අඩි 25 කි. එය කොටස් දෙකක් ලෙසින් පහළට ගලා හැලේ.
1403 Views
Comments