බනානා ෆ්‍රිටර්ස් - Banana Fritters
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

බනානා ෆ්‍රිටර්ස් - Banana Fritters

බනානා ෆ්‍රිටර්ස් - Banana Fritters

කෙසෙල් ගෙඩි ගොඩක් ඉදුණම සමහරු කන්න කැමති නෑ නේ. ඒවගේම කෙසෙල් කන්න කැමති නැති පොඩ්ඩොත් ඉන්නවා. සමහරු කෙසෙල් කන්න ගොඩක් කැමතියි. ඉතින් මේ කන නොකන ලොකු පොඩි හැම කෙනාටම වෙනස් විදිහට කෙසෙල් වලින් හදාගන්න ඉතාමත් රසවත් අතුරුපසක් තමයි අද අපි අරගෙන ආවේ. ඔයාලත් හදලා බලන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය,

  •  ඉදුණු කෙසෙල් ගෙඩි
  •  පාන් පිටි
  •  පාන් කුඩු
  •  බිත්තර
  •  කහ ස්වල්පයක්
  •  වතුර ස්වල්පයක්
  •  ලුණු ස්වල්පයක්
  •  පොල් තෙල්
  •  වැනිලා අයිස් ක්‍රීම්

 

සාදාගන්නා ආකාරය,

 

කෙසෙල් ගෙඩි ටික ලෙලි ඉවත් කරගන්න. ඉන්පසු කෙසෙල් ගෙඩි ටික දෙකට කපාගෙන පසෙකින් තියන්න. භාජනයක් ගෙන එයට පාන් පිටි , බිත්තර , කහ ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එකතු කර වතුර ටික ටික දමමින් බැටර් එකක් සකස් කරගන්න. ඉන්පසුව වෙනත් භාජනයකට පාන් කුඩු ටික දමාගන්න. මුලින් කපාගත් කෙසෙල් ගෙඩි ගෙන සාදාගත් බැටර් එකේ තවරා පාන් කුඩු වල දවටා ගන්න. අනතුරුව භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර එය රත් වූ පසු සාදාගත් කෙසෙල් ටික ගැඹුරු තෙලේ රන්වන් පැහැය වනතුරු බැදගන්න. ඉන්පසු බැදගත් කෙසෙල් ගෙඩි ටිකට වැනිලා අයිස් ක්‍රීම් ටිකක් උඩින් දමා පිළිගන්වන්න.

views

737 Views

Comments

arrow-up