කස්ටඩ් ලෙමන් පයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

කස්ටඩ් ලෙමන් පයි

කස්ටඩ් ලෙමන් පයි

අවශ්‍ය ද්‍රව්‍ය,
 

  •  ඔබ කැමති බිස්කට් වර්ගයක් ග්‍රෑම් 200 ක් ( මාරි / ක්‍රීම් ක්‍රැකර් වගේ බිස්කට් කුඩුකරලා ගන්න)
  •  ලෙමන් යුෂ කෝප්ප 1/2 ක්
  •  ලෙමන් කොඩියල් මේස හැදි 1 ක්
  •  මාගරින් ග්‍රෑම් 75 ක්
  •  සීනි කෝප්ප 1 1/2 ක්
  •  කෝන් පිටි 1 1/2 ක්
  •  බිත්තර 2 ක්
  •  උණු වතුර කෝප්ප 1/2 ක්
  •  කහ කලරිං බිංදු කිහිපයක්


සාදාගන්නා ආකාරය,

ඉස්සෙල්ලාම බිස්කට් කුඩු ටිකත් මාගරින් ටිකත් හොඳින් එකට මිශ්‍ර කරන්න ඕනි. අගල් 1 1/2 ක පමණ ගැඹුරු බදුනක් ගෙන එම බදුනේ අඩියට මිශ්‍රණය දමා හොඳින් වටේට හැන්දකින් තදකරගෙන ශීතකරණයේ ඝණ වන තෙක් තබන්න.

දැන් භාජනයක් ගෙන එයට සීනි, කෝන් පිටි සහ බිත්තර දමා හොඳින් කලවම් කරගන්න. එයටම ලෙමන් යුෂ ටිකත්, වතුරත් දමා ඝනකම් පෙස්ට් එකක් වනතුරු හොඳින් උණු කරගන්න.

එය ලිපෙන් ඉවතට ගෙන බටර් ටික දමා හැදි ගා නිවුණු පසු කහ පාට කලරිං ස්වල්පයක්, ලෙමන් කෝඩියල් මේස හැන්දක් සහ වතුර තේ හැන්දක් මිශ්‍ර කරන්න. දැන් ශීතකරණයේ ඇති බදුන අරගෙන එයට මෙම සාදාගත් මිශ්‍රණය දමන්න.

නැවතත් ශීතකරණයේ තබා
සීතල වූ පසු දීසියකට අනෙක් පැත්ත හරවා. මේසයට පිලිගන්වන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

 

 

views

851 Views

Comments

arrow-up