චොක්ලට් මග් කේක්

කේක් කියලා කියන්නේ අපි හැමෝම වගේ කන්න කැමති කෑමක් නෙ ඒත් ගෙදර කේක් හදනවා කියන්නේ ටිකක් වෙලා යන වැඩක් නේ. කේක් එකක් ඉක්මනිම හා ලෙහෙසියෙන්ම හදන්නට පුළුවන් නම්.
ඔව්, අද අපි ඔයාලට ඉතා ලෙහෙසියෙන් චොකලට් මග් කේක් එකක් හදාගන්න හැටි කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය,
- පිටි මේස හැදි 04 ක්
- සීනි මේස හැදි 03 ක්
- කොකෝවා පවුඩර් මේස හැදි 03 ක්
- බේකින් පවුඩර් තේ හැදි 1/4 ක්
- ලුණු ස්වල්පයක්
- කිරි මේස හැදි 02 ක් හෝ කිරිපිටි දිය කර ගැනීමටද පුළුවන්
- තෙල් මේස හැදි 02 ( එළවළු තෙල් )
- නෙස්කැෆේ මේස හැදි 01 ක්
- බිත්තර 01 ක්
සාදාගන්නා ආකාරය,
ඔබට මෙම කේක් එක මයික්‍රෝවේව් එකේ සකස් කරගන්නත් පුළුවන් එහෙමත් නැත්නම් ලිපේ හෝ රයිස් කුකර් එකේ හදාගන්නත් පුළුවන්.
මුලින්ම ඉහත ඕනෑම ක්‍රමයකට සාදාගන්න පුළුවන් විදිහට ඔරොත්තුදෙන මග් එකක් ගන්න. බිත්තරය එයට දමා ටිකක් බීට් කර ගන්න.
දැන් එයට සීනි එකතුකරගෙන හොඳින් කලවම් කරගන්න. පිටි , කොකෝවා පවුඩර් , බේකින් පවුඩර් , ලුණුත් එකතු කරගෙන හොඳින් කලවම් කරන්න ඕන. (කැටි හොඳින් පොඩි කරමින් කලවම් කරන්න ඕන) ඉන්පසු එයට කිරි සහ තෙල් ටික එක් කරගන්න.
අවසානයේදී කෝපි හා වැනිලා එකතු කරන්න ඕන. සියල්ලම දමා හොඳින් කලවම් කර පසු මයික්‍රෝවේව් එකේ නම් 600W විනාඩි 04 ක් පමණ බේක් කරගන්න.
ලිපේ හදනවා නම්, ගැඹුරු භාජනයක් ගෙන එහි අඩිය මත රැක් එකක් තබා එය මත කෝප්ප තබන්න. ( අඩියට ජලය නොදමා ) පියනෙන් වසා මද ගින්නේ කේක් එක සකස් වනතුරු හොඳින් පිස ගන්න.
රයිස් කුකර් එකේ නම්, ස්ටීමර් කොටසේ කෝප්ප තබා. යට කොටසට ජලය දමා පියනෙන් වසා හොඳින් ස්ටීම් කරගන්න.
සකස් වූවාට පසු අදාළ භාජනයෙන් ඉවත් කර හොඳින් නිවෙන්නට හරින්න. කැමති නම් විප් ක්‍රීම්, අයිස්ක්‍රීම් හෝ අයිසින් ටිකකුත් උඩින් යොදාගන්න. තවත් රසවත් වේවි.
by Kaushalya De Silva
732 Views
Comments