කර්ඩ් රයිස් - Curd Rice
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

කර්ඩ් රයිස් - Curd Rice

කර්ඩ් රයිස් - Curd Rice

අද අපි ඔයාලට ගෙනාවේ ඉතා සුවිශේෂී වූ රෙසපියක්. මෙය විශේෂ වන්නේ , මේ ආහාරයේ ඇති උපරිම පෝෂණ ගුණය කාන්තාවන්ට ඉතාමත්ම වැදගත් වන නිසා. බොහෝ කාන්තාවන්ගේ වයස සාමාන්‍යයෙන් අවුරුදු 38 ට වැඩි වත්ම විවිධ වූ රෝගාබාධ සෑදීමෙහි අවධානම වැඩි වනවා. හිසේ කැක්කුම, ආහාර ජීරණ ගැටළු, ඇස් පෙනීමෙහි දුර්වලතාවයන්, ගර්භාෂය ආශ්‍රිත ගැටළු, ගෑස්ට්‍රයිටිස්, බඩේ අමාරු වගේ තවත් බොහෝ රෝගයන් නිසා ඔවුන් මානසික ආතතියකට පත් වේ. මෙයට හේතුවක් වන්නේ ගෘහණියන් තම එදිනෙදා වැඩකටයුතු සමඟ කාර්යබහුල වීමෙන් නිසි පෝෂණයෙන් පිරි ආහාර රටාවක් අනුගමනය නොකරන නිසාවෙනි. ඉතින් අද අපි කාන්තාවන්ගේ බොහෝ රෝගයන්ට විරාම ලකුණක් තියන්නට පුළුවන් පෝෂණයෙන් ඉහළ රෙසපියක් ගෙනාවා.උදෑසන ආහාර වේල සඳහා මෙය දිනපතා සකසා ආහාරයට ගැනීම වඩා සුදුසු වනවා. අපි බලමු මේ ආහාරය කොහොමද සකස් කරන්නේ කියලා..

 

අවශ්‍ය ද්‍රව්‍ය,

  •  බෙරි වෙන්නට තම්බාගත් බත් කෝප්පයක්
  •  නැවුම් මුදවාපු කිරි කෝප්ප 1 1/2 ක්
  •  අමුමිරිස් කරලක් දිගටියට සිහින්ව කපාගන්න
  •  අඟල් 1/2 ක පමණ ඉගුරු කැබැල්ලක් සිහින්ව ලියාගන්න
  •  අබ තේ හැඳි කාලක්
  •  තෙල් තේ හැන්දක් ( එළගිතෙල් ටිකක් වගේ භාවිතා කරන්නත් පුළුවන් )
  •  උළුදු ඇට හා පරිප්පු ඇට හැඳි කාල බැගින්
  •  වියළි මිරිස් කරල් කොන මඳක් පලා අරගන්න
  •  කරපිංචා ස්වල්පයක්
  •  පෙරුම්කායම් කුඩු තේ හැඳි අරික්කාලක් පමණ
  •  රස අනුව ලුණු

 

සාදාගන්නා ආකාරය,

 

මුලින්ම භාජනයක බත්, මුදවාපු කිරි හා ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරමින් පොඩි කරගන්න. ගොඩක්ම පොඩි කරගන්නත් එපා. එයට ඊළඟට ඉගුරු හා අමුමිරිස් ටික එකතු කරන්න. පෑන් එකක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත් වීගෙන එන විට අබ ඇට ටික දමා පුපුරුවා ගන්න. එයට උළුදු හා පරිප්පු ඇටත් එකතු කරගන්න. රන්වන් පැහැයට බැදීගෙන එන විට වියළි මිරිස් කරල් සහ කරපිංචා එකතු කර විනාඩියක පමණ කාලයක් තෙම්පරාදු කරගන්න. දැන් මෙයට පෙරුම්කායම් කුඩු ටිකත් එකතු කරගෙන කලවම් කර සැනින් ලිප නිවා තෙම්පරාදුව පෙර සකස් කරගත් බත් හා මුදවාපු කිරි මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරන්න. ලුණු රස බලා මදි නම් නැවතත් ලුණු ස්වල්පයක් එකතු කරන්න. දීසියකට දමා පිළිගන්වන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

 

views

690 Views

Comments

arrow-up