රුහුණු සරසවියේ තාක්ෂණික පීඨය සතියක කාලයකට වැසේ

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සඳහා වසා දමා තිබේ. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසුවේ, එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඊයේ රාත්‍රියේ ඇති වූ සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව යි. ඒ අනුව විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් අද පස්වරු 2 ට පෙර පිටවන ලෙසට සිසුන්ට දන්වා තිබේ.
ඊයේ රාත්‍රියේ එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ආශ්‍රිතව ඇතිවූ ඝෝෂාකාරී ශබ්දයක් ගැන ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව තොරතුරු සොයාබැලීම සඳහා එහි පාලකවරයා එම ස්ථානයට ගොස් ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.
පසුව ඔහු නැවත යළි සිය නවාතැන වෙත පැමිණි අවස්ථාවේ එහි පැමිණි සිසුන් පිරිසක් විසින් ඔහුගේ බිරිඳට සහ මවට පහරදී ඇති බවට වාර්තා වී තිබෙන අතර පහරදීමෙන් තුවාල ලැබූ පාලකවරයාගේ බිරිඳ සහ මව ආඳපාන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
281 Views
Comments