නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මකයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මකයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන  පාසල් වාරයේ සිට ක්‍රියාත්මකයි

ජාතික අධ්‍යාපන ආයනතය පවසන්නේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වාරයේ සිට පාසල් පද්ධතියට හඳුන්වා දෙන බවයි. එහි නියමු ව්‍යාපෘතිය පාසල් 160 ක ක්‍රියාත්මක කරන බව අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේය. ඔහු ප්‍රකාශ කළේ, මේ යටතේ පාසල් විෂය නිර්දේශය ඉගැන්වීමේ ක්‍රම හා විභාග ක්‍රමයේ පැහැදිලි වෙනස්කම් රැසක් සිදු කරන බව ය.

 

21 වැනි සියවසේ වැඩ ලෝකයට ගැලපෙන දරුවෙකු නිර්මාණය කිරීම නව ප්‍රතිසංස්කරණවල අරමුණ බව ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ, නව ප්‍රතිසංස්කරණ යටතේ විභාග ක්‍රමයෙන් පමණක් දරුවාගේ දැනුම මැනීමේ ක්‍රමය වෙනස් කරන බවය. දැනට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රායෝගික දරුවෙකු නිර්මාණය නොවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

views

330 Views

Comments

arrow-up