අර්තාපල් වවන ඉඩම්වල වෙනත් බොග හෝ ඉදිකිරීම් බෑ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

අර්තාපල් වවන ඉඩම්වල වෙනත් බොග හෝ ඉදිකිරීම් බෑ

අර්තාපල් වවන ඉඩම්වල වෙනත් බොග හෝ ඉදිකිරීම් බෑ

අර්තාපල් වගාව සඳහා යොදවා ගනු ලබන ඉඩම් සුවිශේෂී වන බැවින් එම ඉඩම් වල වෙනත් බෝග වර්ග වගා කිරීමට හෝ ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම් සඳහා භාවිතා නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

 

අර්තාපල් වගාව සඳහා භාවිතා කරන විශේෂිත වූ ඉඩම් අප රටේ සීමිත ප්‍රදේශ කිහිපයක් පමණක් තිබෙන අතර ඉන් නුවරඑළිය යාපනය වැලිමඩ යන ප්‍රදේශ විශේෂිත වේ. තවද එම ඉඩම් වල වෙනත් බෝග වර්ග වගා කළහොත් එම බිම්වල රෝග හට ගැනීමේ අවදානමක් පවතින බව අනාවරණය කරගෙන ඇත.

 

මෙරට  වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 230,000 ක් වන අතර ඉන් මෙට්‍රික් ටොන් 154,000 ක් ආනයනය කිරිමට සිදු වී ඇත.

views

327 Views

Comments

arrow-up