උසස්පෙළ ප්‍රතිඵල ජූනි මස නිකුත් වෙයි

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගය ප්‍රතිඵල එළඹෙන ජූනි මස අවසානයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ලබාදෙන රුපියල් 500 ක දෛනික දීමනාව ඔවුන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් ගුරුවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් උත්තර පත්‍ර පරීක්ෂාවට අයදුම් නොකිරීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇතැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා එම දීමනාව රුපියල් තුන්දාහක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තද, ගුරු සංගම් පවසන්නේ එය පොරොන්දු වලට පමණක් සීමා නොකර චක්‍රලේඛයක් ලෙස නිකුත් කළ යුතු බවයි.
315 Views
Comments