පේරාදෙණිය සරසවිය ලොව හොඳම සරසවි 1000 අතරට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

පේරාදෙණිය සරසවිය ලොව හොඳම සරසවි 1000 අතරට

පේරාදෙණිය සරසවිය ලොව හොඳම සරසවි 1000 අතරට

පේරාදෙණිය සරසවිය ලොව හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පැමිණ තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගෝලීය වශයෙන් 901  වන ස්ථානයටත් ආසියාවේ 240 වැනි ස්ථානයටත් පත්ව තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනය විසිනි.

 

ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කර ඇත්තේ විශිෂ්ටත්වයේ දර්ශක 13 ක්  හරහා ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා පවසයි.

 

මැසචුසෙට්ස් හි හාවඩ් විශ්ව විද්‍යාලය හොඳම ගෝලීය විශ්වවිද්‍යාල සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ලෙස දිගටම පවති.

views

323 Views

Comments

arrow-up