සරසවි සිසුන් වගකීම් සහිත පුරවැසියන් කරන නව වැඩපිළිවෙලක්

රජය විසින් විශ්වවිද්‍යාල සිසුන් සමාජයට වගකිව යුතු පුද්ගලයන් බවට පත් කරන නව සංශෝධන රැසක් ඇතුළත් කරමින් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත යාවත්කාලීන කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළේ, ඉදිරියේදී විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන සියළුම සිසුන්ට නීතිමය ගිවිසුමකට යටත් කිරීමට අදාල සංශෝධන ඇතුළත් කෙරෙන බවයි.
විශ්වවිද්‍යාල නවක වද, දේපල අලාභ හානි මෙන්ම කලහාකාරී සිදුවීම්වලට විශ්වවිද්‍යාලවල ඇතැම් සිසුන් ක්‍රියාකාරී වශයෙන් සම්බන්ධ වී ඇති හෙයින් ඉදිරියේ දී විශ්වවිද්‍යාල වලට ඇතුළු වන සියලු සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙර නීත්‍යානුකූල පොරොන්දු ගිවිසුමක් අත්සන් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් අවදාරණය කළේ, පොරොන්දු ගිවිසුම නීත්‍යානුකූල පදනමෙන් යුතුව සකස් කිරීමට නියමිත බවත්, එම ගිවිසුම කඩ කරන්නන් වෙනුවෙන් ඊට අදාල දඩුවම් හඳුන්වාදීමට නියමිත බවත්ය.
විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන එක් සිසුවකු වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 8 ක් වැය කරන බවත්, අධ්‍යාපනය ලබන වසර හතරක කාලය වෙනුවෙන් ලක්ෂ 32 ක් රජයට වැය කරන්නට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් බදු ගෙවන පුරවැසියාට සාධාරණයක් ඉටු කර දීම රජයේ වගකීමක් වන බවත් වැඩිදුරටත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
307 Views
Comments