ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට පවසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට පවසයි

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට පවසයි

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත දන්වා තිබේ.

 

තවද ඇගේ ශ්‍රී ලංකා වීසා බලපත්‍රය 2014 වසරේ දී අවසන් වී ඇති බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

 

ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර හෙවත් ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන අතර ඇය 2014 වසරේ ජනවාරි මාසයේ දී ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිතා කරමින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබේ.

 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ඇය ද්විත්ව පුරවැසිභාවය සහිත තැනැත්තියක් නොවන අතර ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත නීති විරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක හිමිකාරියක් වන බවයි.

 

මේ පිළිබඳව කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ කරුණු විශ්ලේෂණය කර ඉක්මණින් මෙම අධිකරණ කටයුත්ත අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලෙසය.

 

views

347 Views

Comments

arrow-up