OCT
15
බැසිල් දිවයිනට පැමිණි පසු පොහොට්ටුවට නායකත්වය දෙනවා - සිරිපාල ගම්ලත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට විදේශ ගතව සිටී.
කෙසේ නමුත් ඔහු ඉදිරි දිනක දී මෙරටට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසා තිබේ.
පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පත්කිරීම ද සිදුකර ඇත.
213 Views
Comments