ගෝඨා මහින්දගෙ කීම ඇහුවෙ නෑ..ඒකයි මෙහෙම වුනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

ගෝඨා මහින්දගෙ කීම ඇහුවෙ නෑ..ඒකයි මෙහෙම වුනේ

ගෝඨා මහින්දගෙ කීම ඇහුවෙ නෑ..ඒකයි මෙහෙම වුනේ

 

ගෝඨාභය රාජපක්ෂ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬට කන් නොදී අඩු තරමින් සිය වැඩිමහල් සහෝදරයාවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස්වත් ගණන් නොගත් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඒ නිසා රටට මේ විනාශය අත්වූ බව ඔහු පෙන්වා දෙනවා. 

 

ගෝඨාභය, නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුගේ අදහස් යෝජනා පමණක්  ලොකු කරගෙන කටයුතු කළ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. මහාචාර්යකම් ආචාර්යකම් වෛද්‍ය වෘත්තිය අතහැර පැමිණ කැපවී ජනාධිපති ධූරයට ගෝඨාභය රාජපක්ෂ පත්කර ගත්තේ උගතුන් බුද්ධිමතුන් කියන ආකාරයට වැඩ කරාවි යැයි යන විශ්වාසයෙන් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

 

දැන උගත් අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි දැයි තේරුම් ගැනීමටවත් නාමල් රාජපක්ෂ පරිණත මදි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. නාමල් තඹුත්තේගම රැස්වීමට සෙනඟ සීයක්වත් එකතු කර ගැනීමට බැරි වුණු හෙයින් හිතේ අමාරුවට එළියට පැමිණ තම කණ්ඩායම විවේචනය කර ඇති බව දැනගන්නට ලැබුණේ යැයි ද චන්න ජයසුමන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
 

views

191 Views

Comments

arrow-up