අයවැයට කලින් තවත් කැබිනට් ඇමැතිවරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

අයවැයට කලින් තවත් කැබිනට් ඇමැතිවරු

අයවැයට කලින් තවත් කැබිනට් ඇමැතිවරු

අයවැයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙක් පත් කිරීමට සූදානම් වන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

 

එම ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, සී.බී. රත්නායක හා එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත්‍රීවරුන්ට මෙම ඇමතිකම් හිමිවීමට නියමිත බවයි.

 

එසේම ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට ද අමාත්‍යධුර හිමිවන බව එම ආරංචි මාර්ග වාර්තා කරයි.

 

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මීට අමතරව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් අයෙකු හෝ දෙදෙනකු ද මෙම නව අමාත්‍ය ධූර භාර ගැනීමට සූදානම් බවයි.

 

 

views

216 Views

Comments

arrow-up