OCT
29
වත්මන් ජනපතිට පොහොට්ටුවෙන් බලපෑම් - මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩල නිලවරණය ඊයේ (29) එම පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.
එම අවස්ථාවට එක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
වත්මන් ජනාධිපතිවරයා රට පවතින අසීරු තත්ත්වයෙන් ගොඩ ගැනීමට කටයුතු කරන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔහුට බලපෑම් එල්ල වන බව හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණි.
226 Views
Comments