ජනපති රනිල් දකුණු කොරියාවට ශෝකය පළ කරයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලෝවින් සැමරුමක් අතරතුර සිදු වූ අනතුර සම්බන්ධයෙන් කොරියානු රජයට සහ එරට ජනතාවට මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අදාළ සිදු වීමෙන් තුවාල ලැබූවන්ට ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.
දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලෝවින් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මේ වනවිට පුද්ගලයන් 153 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ශ්‍රී ලාංකිකයෙකු ද ඊට අයත් ය.
218 Views
Comments