හිටපු ජනාධිපති මෛත්‍රී සහභාගී වූ උත්සවයකට සෙනඟ නෑ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ උත්සවයකට සෙනඟ නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වනවා.
(26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්වුණු බුද්ධිමය අරගලය විසින් සංවිධානය කරන ලද රට ගොඩනගන, අර්බුද විසඳන ජාතික සංවර්ධන එළිදැක්වීමේ උත්සවයට එක්වූ අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇත්තේ.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපතිවරයා එක්ව සිටියා.
එහිදී රට ගොඩනගන, රටේ අර්බුද විසඳන ජාතික සැලැසුමේ මුල් කෘතිය නිල වශයෙන් ඔහුට පිළිගැන්වීම සිදු කරනු ලැබුවා.
කෙසේ වෙතත් උත්සවයේ විශාල පිරිසකට ආසන වෙන් කර තිබුණත් ඒ සඳහා පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා සමඟ තවත් 10 දෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.
188 Views
Comments