NOV
05
පළාත් පාලන ආයතන කොට්ඨාශ සීමා නිර්ණය කිරීමට ජාතික කමිටුවක්

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කර තිබේ.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (03) දිනයේ නිකුත් කර තිබේ.
මෙම කමිටුවේ සභාපති ධූරය සඳහා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත් කර තිබේ.
මීට අමතරව ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ.හමීඩ් යන සාමාජිකයන් මෙම කමිටුවට ඇතුළත් වේ.
287 Views
Comments