“දේශප්‍රේමීන් සමඟ නව බලවේගයක් ගොඩනැගිය යුතුයි” - හිටපු ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

“දේශප්‍රේමීන් සමඟ නව බලවේගයක් ගොඩනැගිය යුතුයි” - හිටපු ජනපති

“දේශප්‍රේමීන් සමඟ නව බලවේගයක් ගොඩනැගිය යුතුයි” - හිටපු ජනපති

මෙරට දේශපාලනයේ නිරත අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරැස් කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

 

එම බලවේගය මඟින් රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

 

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය ඇතුලු ගැටලු සම්බන්ධව කිසිවෙකුත් ඇඟ බේරා නොගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු නොකරමින් රජය තම වගකීම ඉටු කළ යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(08) පැවති රණවිරු ප්‍රතිභා ප්‍රණාම සම්මාන උළෙලට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේය. 


රටේ ගොවි ජනතාව තවමත් පොහොර නැති කමින් දුක්ඛිත තත්වයක පසුවන බව කී හිටපු ජනාධිපතිවරයා සෑම තැනකම ගෑස් සිලින්ඩර් පිපිරීමෙන්ද ජනතාව පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළේය.

 

දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්න විසඳා රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් රජය සිය වගකීම ඉටු කළ යුතු බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා රජයට අවශ්‍ය සහයෝගය ලබාදීමට තම පක්‍ෂය කටයුතු කරන බවත් කියා සිටියේය.

views

730 Views

Comments

arrow-up