අපි ගුටිකාලා දුවන්නෙ නෑ - ෆොන්සේකා

කමිටු පත්කිරීමකින් නොනැවති පාර්ලිමේන්තුව තුළ මැර දේශපාලනය අවසන් කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පහරදීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ (07) තුන්වන දිනටත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කළේය.
එහිදී අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,
"අපි පාර්ලිමේන්තුව ඇතුළට යන්නේ නැතුව ඉන්නේ මේ මැරයොන්ට බයේ නෙමෙයි. සීලාචාර සමාජයක් වෙනුවෙන් නියෝජිතයෝ හැටියට පෙනී සිටින හින්දා, ඒ සමාජයට ගරු කිරීම් වස් අපි මේ මැර ප්‍රහාරවලින් ඈත්වෙලා ඉන්න උත්සහ කරනවා. හැබැයි ඒක අපේ දුර්වලකමක් හැටියට සලකන්න එපා පාර්ලිමේන්තුව ඇතුළේ සිටින මැර කණ්ඩායම්. තරුණද, මහලු ද, කිසි ප්‍රශ්නයක් නෑ, අපට අත පය වනන්න ආවොත් අපි ගුටිකාලා දුවන්නෙත් නෑ." යනුවෙන් ප්‍රකාශ කලා.
694 Views
Comments