කථානායකගෙන් විපක්ෂයට දෝෂාරෝපණ

විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති දේවල් කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (2) පැවසීය.
“ඔබතුමාලා දන්නවා සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක නවත්වන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ නෑ. ඒක ඉතා කනගාටුවට කාරණයක්. කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවෙයි ඔබේ වගකීම.”
ඔහු එසේ පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ය.
“ඉතාමත් අශෝභනයි විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය.”
200 Views
Comments