NOV
11
ජනාධිපතිගෙන් ඇමතිකම් ඉල්ලුවේ නෑ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අමාත්‍යධූර ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් තමන් යොමු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළිත් අමාත්‍යධුර ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවට ජාතික පුවත්පත් වාර්තා කර තිබූ බවයි.
මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එලෙස ලිපියක් යොමු කරන්නේ නම් පක්ෂයේ ලේකම්වරයා ලෙස තමන් විසින් එය කළ යුතු අතර තමන් එවැන්නක් යොමු නොකළ බවයි.
246 Views
Comments