“ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව ලෑස්තියි” - රෝහිත
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

“ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව ලෑස්තියි” - රෝහිත

“ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව ලෑස්තියි” - රෝහිත

මෙරට දැනට තිබෙන ළාබාලම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී මෙරට පවත්වන ඕනෑම මැතිවරණයට තරග කර ජයගෙන ජනතා අපේක්ෂා දිනවීමට සූදානම් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන පැවසීය.

 

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හයවැනි සංවත්සරය වෙනුවෙන් පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

 

අපේ පාලන කාලයේදී යම් යම් අඩුපාඩු, වැරදි සිදුවූයේ නම් ඒවා නිවැරදි කරගනිමින් රටේ ආර්ථිකයත්, ජන ජීවිතයත් නඟා සිටුවා, අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ අරමුණින් ග්‍රාමනිලධාරි කොට්ඨාස ආසන හා දිස්ත්‍රික්ක මට්ටමින් පක්ෂය යළි ප්‍රතිසංවිධානය කරනවා” යැයි ද හෙතෙම කීය.

 

ඒ අනුව ඉදිරියේ පවත්වන්නේ පළාත් සභා මැතිවරණය ද පාර්ලිමේන්තු මැතිවරණයක් ද ජනාධිපතිවරණයක් ද ඒ ඕනෑම මැතිවරණයකට තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව මුහුණදීමට සූදානම් යැයි ද ඔහු පැවසීය.

 

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් තම පක්ෂය ඉදිරි ගමන යන බවත් තම පක්ෂයටත්, අපේ අත්වලත් ලේ ගෑවී නැති බවත් හෙතෙම කීය.

 

ඒ අනුව පක්ෂය ශක්තිමත්ව ඉදිරි ගමන යන බව ද මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේය.

views

227 Views

Comments

arrow-up