එජාපයෙනුත් සැලු‍න් දොරක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

එජාපයෙනුත් සැලු‍න් දොරක්

එජාපයෙනුත් සැලු‍න් දොරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙලක් සකස් කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

 

දිනෙන් දින වෙනස් වන මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ වැඩ කටයුතු ඒ අනුව කඩිනමින් ආරම්භ කරනා ලෙස ද රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.

 

හැකි ඉක්මණින් මෙම වැඩපිළිවෙල සකස් කරන ලෙසත් ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරනා ලෙසත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ උපදෙස් දෙනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන ,මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් යන අයගේ සහභාගීත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමක දී ය.

views

268 Views

Comments

arrow-up