“තමුසෙලා තමයි ඔක්කොම කරන්නේ” - පොහොට්ටුවේ අලි වලියක්, ප්‍රසන්න රණවීර සාගරට ගහන්න පනී

ඊයේ සවස පැවැත්වී ඇති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඉතා උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. ඒ, ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් ‘තමුසෙලා තමයි ඔක්කොම කරන්නේ…’ යැයි කියමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමත් සමගය.
මෙහිදී ඉතා උණුසුම් තත්ත්වයක් මතුව ඇති අතර පසුව අගමැති දිනේෂ් ගුණවර්ධන මැදිහත්ව තත්ත්වය සමතයකට පත් කොට ඇති බව දැනගන්නට ඇත.
අපක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස නම් කොට තිබියදී පසුව ප්‍රසන්න රණවීර ඉන් ඉවත්කිරීම මෙම ගැටුමට හේතු වී ඇති බවකි.
මීට පෙරද ප්‍රසන්න රණවීර දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේදී සභා ගැබ තුළදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට ප්‍රසිද්ධියට පත්වූ අයෙකි.
251 Views
Comments