පන්සල් විදුලිබිල් කතාවට ජනකට කාංචනගෙන් සැර ටොක්කක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
16

පන්සල් විදුලිබිල් කතාවට ජනකට කාංචනගෙන් සැර ටොක්කක්

පන්සල් විදුලිබිල් කතාවට ජනකට කාංචනගෙන් සැර ටොක්කක්

පූජනීය ස්ථාන සඳහා සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට තනි තීරණයක් ගත නොහැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරනවා.

 

පූජනීය ස්ථාන සඳහා සහනාධාරයක් ලබා දෙන්නේ නම් එය ලබා දෙන්නේ එම සභාපතිවරයා විසින් ද නැතිනම් කොමිෂන් සභාව විසින් ද යන බව දැනුම් දිය යුතු බව ද අමාත්‍යවරයා පවසනවා.

 

යෝජනා ඕනෑම අයකුට කළ හැකි බවත් නමුත් අවශ්‍ය වන්නේ එම සහනය කෙසේ ලබා දෙනවාද යන්න සඳහන් කිරීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටිනවා.

 

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කොට තිබෙනවා.

 

views

256 Views

Comments

arrow-up