මහින්ද දේශපාලනයෙන් සමුගනී?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

මහින්ද දේශපාලනයෙන් සමුගනී?

මහින්ද දේශපාලනයෙන් සමුගනී?

යාල වනෝද්‍යානයේ දී පසුගියදා ඇතිවූ සිද්ධියට තම පුතා සම්බන්ධ යැයි කරන චෝදනා පදනම් විරහිත බවත් එසේ තම පුතා ඊට සම්බන්ධ බව හෙළි වුවහොත් තමා දේශපාලනයෙන් සමුගැනීමට වුව සූදානම් බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසයි.

 

මෙම සිද්ධිය ඇතිවූ දින තම පුතා සිටියේ කොළඹ බවත් එම දින කිහිපයේ කොළඹින් පිටව ගොස් ඇත්තේ මතුගමට පමණක් බවත් ඇමැතිවරයා සදහන් කරයි.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන් බව ද වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන බව ද පවසයි.

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

views

397 Views

Comments

arrow-up